ශ්‍රියානි විජේසිංහ –
බොරැල්ල පෞද්ගලික රෝහලක වකුගඩු බද්ධ කිරීමේ සිද්ධිය සම්න්ධයෙන් මූලික විමර්ශන වාර්තාව මාසයක් තුළ ඉදිරිපත් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකිරිම සඳහා නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්යක්ෂ ජනරාල්වරයෙකුගෙන් යුතු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මේ සඳහා පත්කර ඇතැයි වෛද්‍ය ගුණවර්ධන පැවසීය.
මේ සම්බන්ධයෙන් සොයා බැලීමට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයෙක් ඊයේ (05) අදාල පෞද්ගලික රෝහලවෙත ගොස් කරුණු විමසීමේදී රෝහල් බලධාරීන් තම රෝහල තුළ සිදුවූයේ යැයි කියන වකුගඩු බද්ධ කිරීමට අදාල සිද්ධිය ප්‍රතික්ෂේප කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඒ සදහා අදාල රෝගී පුද්ගලයින්ව සොයා නිවෙස්වලට යාම රෝගීන් සොයා ගැනීම හා ඔවුන්ගේ අදහස් ලබා ගැනිම ආරම්භ කරමින් සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
මෙම රෝහලේ වෘෂණ කෝෂ ජාවාරමක් සිදුවූ බව ට තොරතුරු අනාවරණය වුවද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් විමසු විට ඔවුන් සදහන කර ඇත්තේ වෘෂණ කෝෂ බද්ධයන්ට ලංකාව තුළ අවසර ලබා දීමක් කර හෝ පර්යේෂණයන් හෝ සිදුකර නොමැති බවයැයි හෙතෙම පැවසීය.