බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොවෙත් අසා නැති ගෝල්ඩ් ප්ලේටඩ් T-56 කතාව….

by editor
මැයි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගනි අවි රත්තරන් ප්ලේට් කර තියාගෙන හුරතල් කරන කතා ගැන ඉතිහාසයේ කොතැනකවත් අසා තිබුණේ නැත. ඒත් අද එහෙම කතාවක් ඇසුනේය. කතාව මෙසේය.

දිනය ඊයේ (20) සවස් වරුවය. කාන්තාවන් දෙදෙනෙක් රත්තරන් පාට කළ ටී 56ක් අරගෙන වැල්ලවත්තේ සුපිරි නිවාස සංකීර්ණයකට ඇතුළුවන්නට හැදූහ. එක් කාන්තාවක් විදේශික කාන්තාවකි. ඇය හතලිස් හැවිරිදිය. අනෙක් කාන්තාව හැට අට ඇවිරිදිය. ඇය මේ නිවාස සංකීර්ණයේ තනිව ජීවත් වන්නීය.

40 හැවිරිදි කාන්තාව මේ වියපත් කාන්තාවගේ ලේලිය. වියපත් කාන්තාවගේ පුතාගේ කසාද බිරිය මේ කාන්තාවය. රත්තරන් පාට අවිය තිබුණේ ඇය අතේය. රත්තරන් පාට කළ ගිනි අවි ගැන ලොවෙත් අසා නැත. එකපාරටම පෙනෙන්නේ මේ ටී 56 අනුරුවක් වගේය. නිකම් සෙල්ලම් බඩුවකට සමානය.

විදේශික සම්භවයක් සහිත කාන්තාවගේ රත්තරන් ගිනි අවි හැඩය සහිත උපකරණය ගැන එම නිවාස සංකීර්ණයේ කාන්තාවන් දෙදෙනා ප්‍රවේශ වුන විදුලි සෝපානය අසල ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරියාට සැක සිතිනි. ඔහු කාන්තාවන්ගෙන් මේ ගැන විමසුවේය.

” මේක සෙල්ලම් එකක්…” විජාතික කාන්තාව සිනාසෙමින් පවසද්දී ආරක්ෂක නිලධාරියා මොහොතක් නිශ්ශබ්ද විය. ඔහු මේ ගිනි අවි හැඩය සහිත මොකක්දෝ එක ” කාන්තාවගෙන් ඉල්ලා ගත්තේය. අනතුරුව පරික්ෂා කළේය.
කාන්තාවන් නොදන සිටියාට මේ ආරක්ෂක නිලධාරියා ටී 56 ජීවිතයේ වැඩි කාලයක් අතපත ගෑ හිටපු පළපුරුදු හමුදා නිලධාරියෙකි. එය අතට ගත් ගමන්ම වැඩේ සෙල්ලමක් නොවන බව ආරක්ෂක නිලධාරියාට තහවුරු විය. රත්තරන් පාට ගා තිබුණේ අත්තම ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියකි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ආරක්ෂක නිලධාරියා වහාම හදිසි ඇමතුම් අංකයට කතා කළේය. ගිනි අවියේ කතාව පොලිසියට දැනුම් දුන්නේය. පොලිසිය වහාම ක්‍රියාත්මක වී අදාල වැල්ලවත්ත සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණියේය. වැඩේ පැහැදිලිය. රත්තරන් ගිල්වූ ගිනි අවිය සමග නැන්දම්මා සහ ලේලිය අත් අඩංගුවට ගත්තේය.

විමර්ශන

අත් අඩංගුවට ගෙන තිබුණ ලේලිය පදිංචි බත්තරමුල්ලේය. ඇයගේ සැමියා ලංකාවේ නැත. ඔහු රැකියාව කරමින් ඉන්නේ කටාර් රාජ්‍යයේය. නැන්දනිය මෙම වැල්ලවත්ත සුඛෝපභෝගී මහල් නිවාසයේ හුදකලාව ජීවත්වන්නීය. විමර්ශන කණ්ඩායම් මුල සිට සිද්ධිය අධ්‍යයනය කරන්නට වූහ.

40 හැවිරිදි කාන්තාව මහල් නිවාස සංකීර්ණයට පැමිණෙන විට ඇය සතුව ගිනි අවියක් ඇතැයි නිරීක්ෂණය වී තිබුණේ නැත. ඇය සිය නැන්දනියගේ නිවසට ගොස් නැවත නිවාස සංකීර්ණයේ රථ ගාල වෙත තනිවම පැමිණ තිබිණි.

පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ එම අවස්ථාවේ දී ඇය සතුව මේ රන් පැහැගැන්වූ ගිනි අවිය තිබුණ බවය. එය තිබී ඇත්තේ වියපත් කාන්තාවගේ වැල්ලවත්ත නිවසේ බවය. ගිනි අවිය සහිත බෑගයක් ඇය මෝටර් රථය වෙත රැගෙන විත් තිබිණි. බෑගයෙන් ඉවතට ගත් ගිනි අවිය මෝටර් රථයේ පසුපසටත් හිස් බෑගය මෝටර් රථයේ ඉදිරිපසටත් දමාගෙන ඇය සිය නැන්දනියත් සමග නිවාස සංකීර්ණයෙන් පිටත් වූවාය.

පසුව මෙම කාන්තාවන් දෙදෙනාම කොම්පඤ්ඤවීදියේ පාවහන් අලෙවිසලකටත්, ටවුන්හෝල් ආසන්න සුපිරි වෙළෙඳ සංකීර්ණයක් වෙතත් ගියහ. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගොස් තිබිණි.

වියපත් කාන්තාවගේ දියණිය සදාකාලික නින්දේ සැතපෙන්නේ මේ සුසාන භූමියේය. ඇය මීට අවුරුදු 5කට පෙර වැල්ලවත්ත මෙම මහල් නිවාස සංකිර්ණයේ ඉහළ මහළකින් පැන සිය දිවි නසාගෙන තිබුණාය. ඔවුන් ඒ සොහොන අසල ටික වෙලාවක් ගත කර තිබිණි. අනතුරුව ඔවුහු වැල්ලවත්ත නිවාස සංකීර්ණය වෙත පැමිණියහ.

ආරක්ෂක නිලධාරියාට 40 හැවිරිදි කාන්තාව අත තිබු ගිනි අවිය නිරීක්ෂණය වන්නේ මේ අවස්ථාවේදීය.

මේ වනවිට ගිනි අවිය සන්තකයේ තබා ගත් නැන්දා සහ ලේලිය රක්ෂිත බන්ධනාගාරයේය. ගිනි අවිය ගැන විමර්ශන ක්‍රියාත්මකය. මේ අවියේ කොටස්වල ඇති අංක එකිනෙකට වෙනස් බව විමර්ශන අංශ කියන්නේය. රන් ආලේපිත ගිනි අවිය කිසියම් චාරිත්‍ර විධියක් හා සම්බන්ධ ද?. එය දන්නේ නැත. මේ ගිනි අවිය අපරාධයක් සඳහා භාවිතා කිරීමට රැගෙන ගියේ ද?. අපට ඇති ආසන්නම සහ පිළිගත හැකි සැකය එයය. රත්තරනින් හැදුවත් ටී 56 තියෙන්නේ වෙඩි තියන්නටය.

සිද්ධිය ගැන විමර්ශනය පැවැත්වෙමින් ඇත. රත්තන් ගිනි අවි කේස් එක ගැන රටක් බලා ඉන්නා බව කිව යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාමල්ගේ කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව – පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුනි 27ට දින නියම වෙයි!

Next Post

අනුරාධපුරය රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සිද්ධිය ගැන සැකකරු ගෙන්  අමුතු හෙළිදරව්වක්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.