බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරාධපුරය රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සිද්ධිය ගැන සැකකරු ගෙන්  අමුතු හෙළිදරව්වක්…

විමර්ශන නොමග යවන්න කියන බොරු කතාවක්... පොලිසිය අවධාරණය කරයි!

by editor
මැයි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                           

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරිමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකරු විසින් වෛද්‍යවරියට සිදු වූයේ අතරවයක් නොවන බවත් සිදු වූ ලිංගික ක්‍රියාව බලහත්කාරයෙන් නොව කැමැත්තෙන් සිදු වූවක් බව ප්‍රකාශ කර ඇත. ඒ ඊයේ (21) සැකකරු අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී අධිකරණය ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරමිනි. 

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය   අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් විතානගේට නියෝග කර තිබේ.

එමෙන්ම ගල්නෑව පොලිසිය තමන්ට කෲරව හිංසා පැමිණ වූ බවටද සැකකරු විසින් අධිකරණයට කරුනු ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙස ද  ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර හිටපු යුධ හමුදා සෙබළා අධිකරණයට ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා අධිකරණයේ අවසරය ලැබුනු පසු ඉහත කරුණු හෙළිකර තිබේ.

සෙබළා කියා ඇත්තේ තමා සමඟ වෛද්‍යවරිය එක්වීම අතරවරයක් ලෙස හැදින්විමට කිසිසේත් ඉඩක් නැති බවය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දෙවන ගේට්ටුවේ සිට දෛව්‍යවරියගේ නේවාසිකාගාරය දක්වා මාර්ගයේ සීසිටීවී කැමරා ඇත්නම් එම අවස්ථාවේ වෛද්‍යවරිය හැසිරුණ ආකාරය ඒවා පරික්ෂා කිරීමෙන් තහවුරු කරගත හැකි බව සෙබළා ප්‍රකාශ කර තිබේ.

මේ නිසා වෛද්‍යවරිය තමාව වරදකට පැටලවීම ගැටලු සහගත බව ඔහු පැහැදිලි කර ඇත.

වෛද්‍යවරිය සෙබළාට එරෙහිව පැමිණිලි කර තිබුනේ අතවරය හා වීඩියෝගත කළ කොටස් සහිත ජංගම දුරකථනය රැගෙන පළායාම පිළිබලඳවය.

පුවත්පත් වාර්තා මගින් වෛද්‍යවරිය බැමි ගැටගසා තිබීම හා ඒවා ලිහාගැනීම ගැන පරස්පර වාර්තා පළව තිබු අතර සෙබළාගේ මෙම ප්‍රකාශය සමඟ නඩුව අලුත් දිශාවකට යොමුව තිබේ.

මෙම පුද්ගලයා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ද වෛද්‍යවරිය බොහෝ සේ අදිමදි කර සහභාගි වූ අතර ඒ ගැන වාර්තා පළවුයේ ඇය අප්‍රකටව විසීමට කැමති නිසා එසේ කළ බවකි.

මීට අමතරව සෙබළා අධිකරණයේදී ප්‍රකාශ කර ඇත්තේ තමා අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර සහ ගල්නෑව පොලිස් නිලධාරීන් සහ පොලිස්විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව බවත් අත්අඩංගුවට ගැනීමෙන් පසු ගල්නෑව පොලිස් නිලධාරීන් තමාට කෲර වද හිංසා පමුණුවා ඇති බවත්ය.

මේ හේතුවෙන් තම ශරීර අභ්‍යන්තරයේ රුධිර වහනයක් සිදුව ඇති බවද සැකකරු අධිකරණයට පවසා ඇත.

කෙසේ වෙතත් වෛද්‍යවරිය සම්බන්ධව සැකකරු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අනුරාධපුර උසස් පොළිස් නිලධාරියෙකු පවසා ඇත්තේ මෙම ප්‍රකාශය විමර්ශන නොමග යැවීමේ අරමුණින් කළ එකක් බවය.

සැකකරු මැයි 26 වන දින දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් කිරිමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොවෙත් අසා නැති ගෝල්ඩ් ප්ලේටඩ් T-56 කතාව….

Next Post

OTTO නාන කාමර උපාංගවලට SLS තත්ත්ව සහතිකය හිමි වේ

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.