සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතන විමර්ශනයෙහි ජාත්‍යාන්තර මෙහෙයුම සැලසුම් වෙයි…

by editor
ඔක්තෝබර් 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 51 වැනි සැසිවාරයේදී පසුගියදා ශ්‍රි ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාවට  අනුකූලව ශ්‍රි ලංකාවේ ආර්ථික අපරාධ ඇතුළු මානව හිමිකම් කඩවීම් පිළිබඳව සොයා බැලීම ඇතුළු කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6ක මුදලක් වෙන් කර ඇති අතර ආර්ථික අපරාධවලට අදාළ කරුණු සෙවීමට  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාල නිලධාරී කණ්ඩායමක් ඇමෙරිකාවේ සහ යුරෝපයේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

 ශ්‍රි ලංකාවේ ආර්ථික විනාශයට මඟ පෑදු විදේශ විනිමය වංචා සහගත ලෙස වෙනත් රටවල ආයෝජය කර ඇත්ද යන්න ඇතුළු ඊට අදාළ කරුණු විමර්ශනය කිරීමටත් මානව හිමිකම් කඩවීමේ ක්‍රියාවලියට අදාළ තොරතුරු රැස් කිරීමටත් ඔවුන් මෙසේ යුරෝපයට සහ ඇමෙරිකානු එක්සත් ජනපදයට කණ්ඩායමක්  යැවීමට සැලසුම් කර ඇත.

එමෙන්ම  ශ්‍රි ලංකාවට එරෙහි යෝජනාවලියට අදාල කටයුතු සඳහා 16 දෙනකුගෙන් සමන්විත වෙනම කාර්ය මණ්ඩලයක්  පත් කිරීමටද යෝජනා වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රි ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට අදාළ අයවැය සහ  2024 දක්වා වන ඉදිරි කටයුතුවලට අදාල අයවැය සහ කාර්යය පිළිබඳව විස්තර කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩසටහන් සැලසුම් කිරීම සහ අයවැය සම්පාදන පිළිබඳව කාර්යාලයේ අධ්‍යක්ෂ ජොහැනස් හුයිස්මාන් විසින් සිය වැඩපිළිවෙළ මේ වනවිටත් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය වෙත  දන්වා ඇත.

එම වැඩ සටහනට අනුව 2023 සහ 2024 කාලය තුළ  අදාල තොරතුරු එක්රැස් කිරීම සඳහා මේ සඳහා බඳවා ගන්නා ලද කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා බැගින් යුරෝපයට පස් දින සංචාර දෙකක්ද උතුරු ඇමෙරිකාවට එක් පස් දින සංචාරයක්ද සැලසුම් කර තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඊට අමතරව මෙම කාර්ය මණ්ඩල සාමාජියන් අදාල තොරතුරු රැස්කිරීම සහ වින්දිතයන් හමුවීම සඳහා ශ්‍රි ලංකාවටත් කලාපයේ දැනට නම් සඳහන් නොකළ ස්ථාන දෙකකටත් සංචාර සඳහා සැලසුම් කර ඇති බව සඳහන් වේ.

2024 දක්වා කාලය තුළ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීම අවශ්‍ය කාර්යාල සහ මෙහෙයුම් වියදම් ලෙස ඩොලර් මිලියන 6ක මුදලක්ද වෙන් කර ඇති බවයි. එය මෙතෙක් ශ්‍රි ලකාව සම්බන්ධයෙන් ක්‍රියා කිරිම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් වෙන් කරන ලද වැඩිම මුදල ලෙස සැලකෙයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තිලිනි ප්‍රියමාලිගේ ආයෝජන ගැන කොළඹ සුපිරි සමාගමක ප්‍රධාන විධායක නිලධාරිනියගෙනුත් ප්‍රශ්න කරයි!

Next Post

හිරේ ඉන්න තිළිණි ප්‍රියමාලි ළඟ ජංගම දුරකථනයක්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.