මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගරගත කර සිටින ‘ටිකෝ’ ව්‍යාපාර ජාලයේ අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලි සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගැනීමට බන්ධනාගාර නිළධාරීන්ට හැකිව තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කරන්නේ ඊයේ රාත්‍රියේ කළ සෝදිසියකදී ඇයගේ ජංගම දුරකථනය මෙලෙස, අත්අඩංගුවට ගත් බවයි.
රුපියල් මිලියන 226ක්, ඇමරිකානු ඩොලර් 60000ක් හා තවත් විශාල මුදලක් ආයෝජකයින්ගෙන් ලබාගෙන වංචා කළැයි පවසන සිද්ධියක් මත ඇය ඔක්තොම්බර් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකෙරමින් පවතී.







