මනම්පිටිය – නිමල් ජයරත්න –
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය වූ එම් එල් යමුනා පද්මිණී ඊයේ අලුයම ( 04) කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධව ඇයගේ ස්වාමිපුරුෂයා වන කපිල බණ්ඩාර නැමැති අය අද (05) ලංකාපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනය සඳහා යොදා ගත් පොරවක් ද සැකකරු විසින් පොලිසියට භාර දී තිබේ.
ඝාතනයට ආසන්නම හේතුව වී ඇත්තේ බීමතින් පැමිණි සැකකරුට ඇය විසින් දෝෂාරෝපණය කිරීම බව සැකකරු පොලිසියට පාපොච්ඡාරණය කර ඇත.
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය වූ එම්.එල්. යමුනා පද්මිණීගේ සැමියා වූ මෙම සැකකාර ඝාතකයා පාසල් මුරකරුවෙකි.
ගැහැණු දරුවන් දෙදෙනෙක් මේ දෙපලට වේ. එක් දැරියක් වයස අවරුදු 04කි. අනෙක් දැරිය වයස අවුරුදු 11කි.
පිටතින් පැමිණි පුද්ගලයෙක් කළුවරේ බිරියට උල් ආයුධයකින් කොටා පැන ගිය බව ඊයේ මෙම සැකකරු මාධ්‍යයට පවසා තිබිණි.
ලංකාපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. පී. කේ. පතිරණගෙන් අප කළ විමසීමක දී පවසා සිටියේ වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන බවය.
වැඩිදුර විමර්ශන කටයුතු පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි ඕශාන් හේවාවිතාරණගේ උපදෙස් පරිදි ලංකාපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. පී. කේ. පතිරණ ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරයි.
වැඩිදුර කියවන්න…
ඝාතනය වුණු ලංකාපුර පරිපාලන නිලධාරිණියගේ සැමියා මාධ්‍යයට කියන “අන්ධ භූත“ කතාව…









