මනම්පිටිය නිමල් ජයරත්න
කන්දකාඩු කඳවුරේ පුනරුත්ථාපනය වූ තරුණ රැඳවියාගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවත් ඔහුට පහර දී මරා දමා ඇති බවත් අද (05) පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වූයේය.
ඉකුත් 29 වැනිදා කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳීවියෙකු වු, අංක 22 ,7 කනුව උඩුවර,, දෙමෝදර පදිංචි, රාජපක්ෂ මුදියන්සේලාගේ බුද්ධික රාජපක්ෂ නැමැති 36 හැවිරිදි තරුණයා මෙසේ සැක කටයුතු ලෙස මිය ගොස් තිබිණි.
එය මිනී මැරුමක් බව කියමින් මුළු පුනරුත්ථාපන කඳවුරේම රැඳවියන් රටට ඇසෙන්නට කෑ ගසා කීහ.
පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේදී එසේ සැක කටයුතු ලෙස මියගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (05) වෙනිදා සවස පොළොන්නරුව මහ රෝහලේදී සිදු කෙරිණි. පොළොන්නරුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.එල්.සුරංග පෙරේරා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේය.
රැඳවියාට මොට ආයුධ වලින් පහර දීමෙන්, ශරීරය අභ්‍යන්තරය පුරා ඇති වූ තැළීම් තුවාල වල සංකූලතා නිසා මරණයට පත්ව ඇති මරණ පරික්ෂණයේ දී තහවුරු විය.
මෙම රැඳවියාගේ මරණයට හේතුව ලෙස රැඳවියන් ප්‍රකාශ කළේ හමුදා සෙබළකු පහරදීමෙන් එම රැඳවියා මියගිය බවයි, එම කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරේ ආරක්ෂක අංශ පවසා සිටියේ රැඳවියන් අතර ඇතිවූ ගැටුමක් නිසා එම රැඳවියා මියගිය ඇති බවයි.
මෙම සැකකටයුතු මරණයට සම්බන්ධ එම කඳවුරේ යුධ හමුදා සෙබළුන් දෙදෙනකු සහ ගුවන් හමුදා සෙබළුන් දෙදෙනෙකු වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලොන්නරුව ප්‍රධාන මහේස්ත්‍රාත් අංක 2 ෆාතිමා මින්හා මහත්මිය නියෝග කළාය.,
රැඳවියාගේ මරණය භාර ගැනීමට 30 වෙනිදා මව සහ සහෝදරයා පැමිණි මියගිය රැඳවියා තමන්ගේ පුතා නොවන බවට පවසා රෝහලෙන් පිටව ගියේය. ඒ මව අද (05) දිනයේ පැමිණ මියගිය රැඳවියා තමන්ගේ පුතුණුවන් බවට පවසා මරණය භාර බාර ගැනීම කටයුතු සිදුකළ බවද පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලීසිය කීවේය.
මියගිය රැඳවියාගෙ පියා වන ආර්.එම්. රණසිංහ රාජපක්ෂ .බාල සහෝදරයකුවන ආර්.එම්. ප්‍රදීප් මධුරංග රාජපක්ෂ සහ ඔහුගේ මිතුරකු පොළොන්නරුව රෝහලට පැමිණ සිටියහ.
වැලිකන්ද සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වා, වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක, අපරාධ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුමතිරත්න, පොලිස් සැරයන් රංග ගුරුගේ, කන්දකාඩු පොලිස් මුරපොළේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනානායක මෙම පරීක්ෂණය සඳහා පැමිණ සිටියහ.
වැඩිදුර කියවන්න…
කන්දකාඩු ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…







