බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…

by editor
ජූනි 29, 2022 - Updated on ජූලි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ගිනි ගෙන ඇත. මා දකින්නේ ශෝකයේය ආවේගයෙන් පෙළෙන මිනිස්සු පිරිසකි. ඔවුහු මරා දැමූ බව කියන සිය සගයාගේ මෘතදේහය සහිතව සාධාරණයක් ඉල්ලා කෑ ගසමින්  අවට පාරක් ගානේ සැරිසරමින් සිටිති.

ඔවුන් කියන්නේ සිය තරුණ සගයා හමුදාව විසින් පහර දී මරා දැමූ බවය. කෙසේ වෙතත් මේ වනවිට පුනරුත්ථාපන කඳවුරක් නැත. නවසීයයකට අධික  පිරිසක් ශික්ෂණය කළ භූමියෙන් හාරසියයකට අධික පිරිසක් පලා ගොස්ය.

අනෙක් පිරිස අද සවස් වනවිට මරා දැමූ බව කියන සිය සගයාගේ දේහයත් රැගෙන පොලොන්නරුව රෝහල වෙත ගොස් තිබුණු බව පොලිසිය කීවේය.

ඒ කතාව පෙළගැසෙන්නේ මෙසේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පොලොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ අද (29)    අලුයම  රැඳවියෙකු සැකකටයුතු ලෙස මිය ගියේය.  රැඳවියන් කීවේ හමුදා සෙබලෙකු පහර දී සිය සගයා මරා දැමූ බවය.

හමුදාව ඒ චෝදනාව මුලුමනින්ම පතික්ෂේප කළේය. රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් අතර තුර මේ මරණය සිදු වූ බව හමුදාව පැවසුවේය. කෙසේ වෙතත් මා ගියේ ගිනි ගත් භූමියකටය. කඳවුරු පරිපාලනය සහ රැඳවියන් අතර ගැටුම ඇවිලෙමින් තිබිණි.  රැඳවියන් කුපිත වී සිටින ආකාරය බොහෝ ප්‍රශ්නකාරී තැනකට මේ මිනී මැරුම රැගෙන යන බව  පෙනුණි.

ඝාතනය වී  තිබුනේ දෙමෝදර උඩුවර අංක 22 ලිපින‍යේ පදිංචිව සිටි විසි පස්  වියැති රාජපක්ෂ මුදියන්සේලාගේ බුද්ධික රාජපක්ෂ නැමැති අයෙකි.

කදවුර තුළ ගිනි…

පොලිසිය කී කතාව  

අද අලුයම රැඳෙවියන් සිටි නේවාසිකාගාර ප්‍රදේශයෙන්  ඝෝෂාවක්  ඇසුණු බවත්, ඒ බව නිරීක්ෂණයට ගියපසු හමුදාව සහ රැඳවියන් අතර උණුසුම් තත්වයක් හටගත් බවත් වාර්තා වී ඇතැයි වැලිකන්ද පොලිසිය පැවසුවේය.

එම අවස්ථාවේදී ප්‍රකෝපවූ රැඳවියන් පිරිසක් කඳවුරේ දේපළවලට අලාභහානි කර ගල් මුල් ප්‍රහාර එල්ල කොට කඳවුරෙන් පලාගොස් ඇති බවද   කීවේය.

තත්ත්වය පාලනය කිරීමට යුධ හමුදා විසින්, වැලිකන්ද, මනම්පිටිය, මැදිරිගිරිය, අරලගංවිල, යන පොලිස් ස්ථාන වලින් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ගෙන්වා තිබිණි.

එහෙත් එක් පොලිස් නිලධාරියෙකුටවත් මරා දැමූ බව කියන එම  රැඳවියාගේ සිරුර තිබෙන ස්ථානයට යන්නට අනෙක් රැඳවියන් පිරිස ඉඩ දුන්නේ නැත.  පිරිස සිටියේ දැඩි ආවේගයෙනි.

බෙහෙවින්ම  අවේගශීලී වී සිටි  කන්දකාඩු  රැඳවියන් ඉල්ලා සිටියේ තම සගයාගේ  මිනී මැරුමට  සාධාරණයක් පරීක්ෂණයකි.  මේ අපරාධය සිදුවූ ආකාරය පිළිබඳ මේ රට දැනුම්වත් විය යුතු බව ඔවුහු කියා සිටියහ. නැවත මෙවැනි මිනී මැරුම් කිසිම කඳවුරක් තුළ හෝ සිර මැදිරයක් තුළ සිදුවිය යුතු නැති බවද ඔවුහු  පැවසූහ.

අලාභානි.

පොදු දේපල ගණනාවකට අලාභානි සිදු වී තිබිණි…

රැඳවියන් විකල් වූ සේ දේපල විනාශ කර තිබිණි.  එම ප්‍රහාරවලින් පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවට  අයත් බස් රථ දෙකකට සහ යතුරු පැදියකට මෙන්ම කඳවුරේ දේපළවලට දැඩි හානි සිදුවී ඇති අයුරු දුටුවෙමි.

ගැටුම් අස්සේ පලාගිය රැඳවියන් ගණන 400 ඉක්වූ බව වාර්තා විය. ඔවුන්ගෙන් කීප දෙනෙක්  සෝමාවතිය සහ සුංගාවිල ප්‍රදේශයේදී යුද හමුදාව සහ පොලිසිය එක්ව අත්අඩංගුවට ගත්තේය.

තවත් රැඳවියන්  පිරිසක් වනජීවී දෙපාර්තමේන්තුවට අයත් සුංගාවිල බීට්ටු කාර්යාලයට පහරදී, දේපළවලට හානි කර ඇඳුම් සහ තවත් ලිපි ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බව  පොලිසිය පැවසුවේය.

යුද හමුදාවට සහ පොලිසියට රැඳෙවියන් එල්ල කළ ගල් මුල් ප්‍රහාරවලින් හමුදා සෙබළකු   තුවාල ලබා  තිබිණි.

පශ්චාත් මරණ පරීක්ෂණය –

මේ සියල්ල අතර කඳවුරේ රැඳෙමින් මිය ගිය සිය සගයා වෙනුවෙන් අඛණ්ඩ විරෝධතාවයක යෙදෙන පිරිස  සුදු කොඩි එසවූහ. ඒ ඔසවන සුදු කොඩිවලින්  ආරක්ෂක අංශ වලට එල්ල කරන විරෝධයක් ද ප්‍රකාශ විය.

කන්දකාඩු කඳවුරේදී සැකකටයුතු ලෙස මියගිය රැඳවියාගේ මූලික  පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සවස පොලොන්නරුව එම්,එම්.  ෆාතිමා මින්හා   විසින් සිදුකළාය. එම ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව        රැඳවියා ගේ මළ සිරුර  රෝහලට ගෙන යෑමට  රථයකට දැමීමට යනවාත් සමගම  කඳවුරේ රැඳී සිටි තවත්  රැඳවියන්   හාරසීයකට අධික පිරිසක් මළ සිරුර අත්පත් කරගත්හ.

අනතුරුව පිරිසක් සිරුර කරට ගෙන පාගමනින් සෝමාවතිය දෙසට ගමන්  කරන්නට වූහ.

මා එම ස්ථානයෙන් පිටවී එන මොහොත වනවිටත් එම රැඳවියෝ මිය ගිය සගයාගේ සිරුර කර මත තබාගෙන අවට මාවතක් ගානේ ගමන් කරමින් සිටිති.

කඳවුරේ සුදු කොඩි….

කන්දකාඩු පුනරුත්තථාපන කඳවුරේ මෙම සිදුවීම වනවිට රැඳවියන් නම සීයකට ආසන්න පිරිසක්  සිට ඇත.  මේ සිදුවීමත් සමග  පළමු වටයේ ඔවුන්ගෙන් 400ක් පමණ පැන ගියහ. මේ වනවිට පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් අතරින් 232ක්   භාරවී ඇති බව තිබේ.

පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ, වැලිකන්ද සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වා ගේ උපදෙස් මත  මනම්පිටිය, වැලිකන්ද, අරලගංවිල, මැදිරිගිරිය යන පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන් ගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායම් කිහිපයක් වැඩිදුර පරීක්ෂණ සිදුකමින් ඇත.

ඉතාම දැඩි ලෙස අපක්ෂපතී පරීක්ෂණයක් පවත්වනවා. – පුනරුත්ථාපන කෙමසාරස් ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල්ල දර්ශන හෙට්ටිආරච්චි

පුනරුත්ථාපන කෙමසාරස් ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල්ල දර්ශන හෙට්ටිආරච්චි

එහෙත් කුමක් හෝ අපරාධයක් සිදුවූ බවට බොහෝ සැක සංකා ඉතිරි වී තිබේ. අප  පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විමසන්නේ එබැවිනි. ඔහු කී සම්පූර්ණ සටහන් කර තබමු.

“ඊයේ රාත්‍රියේදී නොසිතූ විරූ අන්දමින් ශෝචනීය සිද්ධියක් කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදුවී තිබෙනවා.“

“පසුගිය විසි දෙවෙනිදා දෙමෝදර ප්‍රදේශයේ සිට පුනරුත්ථාපනය සඳහා වයස අවුරුදු 36ක පුද්ගලයෙක් කන්දකාඩුව ට යොමු කොට තිබුණා. ඔහු .දුම්කොළ තබාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අවස්ථාවේ බහින් බස් වීමක් ඇති වී තිබෙනවා. මේ බහින් බස් වීම දුරදිග ගිය බවට සාක්ෂි තිබෙනවා.

සිද්ධියේන් පසු  ඊයේ රාත්‍රියේ  ඔහු නිදාගන්න ගොස් ඇති අතර  උදෑසන ශාරීරික අභ්‍යාස වලට රැඳවියන් යොමු කිරීමේදී මොහු නොපැමිණියේ ඇයිදැයි සොයා බලන විට ඔහු මිය ගොස් ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් අසාමාන්‍ය තත්ත්වයන් තිබෙනවා මේ පිළිබඳ අප දැඩි ලෙස අපක්ෂපාතී පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කොට තිබෙනවා

සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයෙක් තමන්ගේ නිවසේ සිටිනවා නම් ඔහුගේ තත්ත්වය කුමක්ද යන්න ඕනෑම පුද්ගලයෙක් ඉතා හොඳින් දන්නවා.  කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මේ වෙන විට පුනරුත්ථාපනය වෙමින් සිටි පිරිස 997ක්.

ඒ පිරිසෙන් උදෑසන සිදුවූ සිද්ධියත් සමග එලියට පැන ගිය පිරිසෙන් 258 දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත් කොට අධිකරණය හමුවට යොමුකොට තිබෙනවා. ඔවුන් බන්ධනාගාර ගත කරනු ලබනු ඇති.

තවත් දෙසිය පහළොස් දෙනෙක් මේ මොහොතේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ රැඳී සිටිනවා. ඉතිරි පිරිසෙන් කොටසක් පිළිබඳ මේ වන විට සොයා බලනවා සහ ඉතිරි පිරිස . මියගිය පුද්ගලයාගේ මළ සිරුර කර තබාගෙන පාරක් පාරක් ගානේ කෑගසමින් ඇවිදිමින් සිටිනවා. මෙල්ල කිරීම ලේසි පහසු නැහැ. ඒ හේතුවෙන් ම ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පොලිසිය යුද හමුදා නිලධාරීනුත් යොදවා දැනට ඔවුන් ආරක්ෂිත ලෙස ගමන් කරනවා.“

“කන්දකාඩුවේ සිටින්නේ මත් ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වූ පිරිස්. ඔවුන් මුල් මාස දෙක තුන කාලයේදී පාලනය කිරීම අතිශය අමාරුයි.  මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පිරිස් මත්ද්‍රව්‍ය නැතුව සික් එකෙන් ගත කරන්නේ. ඔවුන්ව මෙල්ල කරනවා කියන එක පහසු නැහැ. නමුත් මම තරයේ මගේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙන්නේ කිසිම මොහොතක ඔවුන්ට පහරක් නොගසන ලෙසයි . මේ පිරිස් පුනරුත්ථාපනය කිරීම සඳහා අප සතුව විවිධ ක්‍රමවේද තිබෙනවා.“

“මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රෝහලට ගෙන යා යුතුව තිබුණත් තවමත් මේ පිරිස් මළ සිරුර ලබා ගැනීමට ඉඩක් දෙන්නේ නැහැ.“

“මා මේ වන විට කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්යස්ථානයේ සිටින්නේ. මෙම ස්ථානයේ මේතාක් මෙහි රැඳවියන් ඉතා ආරක්ෂාකාරී ලෙස සිටි බව මම වගකීමෙන් යුතුව කියනවා. අපටත් උවමනා කරන්නේ මේ පිරිස් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමයි. එය පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා මමත් මගේ නිලධාරීන් සියල්ලත් ඉතා කැපවීමෙන් කටයුතු කරන බව මම නැවතත් මතක් කරන්න කැමතියි. යම් හෙයකින් ඊට පරිබාහිරව යමක් සිදුවී ඇත්නම් ඒ සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මම නොපැකිලී ඉදිරිපත් වන බව කියන්න කැමතියි.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චීන එක් මාවතක් එක් තීරයක් ට එරෙහිව G7 ඩොලර් බිලියන 600ක් යොදයි !

Next Post

තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.