සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් දියුණු කිරීමටත්, චීනයේ ඩොලර් ට්‍රිලියන ගණනාවක ව්‍යාපෘතියක් වෙන බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘතියට එරෙහිවත් ඩොලර් බිලියන 600ක දක්වා පුද්ගලික හා රාජ්‍ය අරමුදල් ඉහළ නැංවීමට ජි 7 කණ්ඩායමේ නායකයින් ප්‍රතිඥා දී තිබේ.
ජර්මනියේ ස්ක්ලොස් එල්මාවූ හි පැවති ජී 7 වාර්ෂික රැස්වීමේදී මෙලෙස ප්‍රතිඥා දුන් අතර ‘ගෝලීය යටිතල පහුසකම් හා ආයෝජන සඳහා හවුල්කාරීත්වය’ යන වැඩසටහන යළි ආරම්භ කරන ලදී.
අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට මෙන්ම, ගෝලීය සෞඛ්‍යය දියුණු කිරීමට, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට එක්සත් ජනපදය ඩොලර් බිලියන 200ක මුදලක් ෆෙඩරල් හා පුද්ගලික ආයෝජන වල වසර පහක් තුළදී බලමුළු ගන්වන බව එරට ජනාධිපතිවරයා පවසයි.
මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සඳහන් කළේ මෙම කටයුත්ත ආධාර හෝ පූණ්‍ය කටයුත්තක් නොවන බවයි. “මෙය සෑම කෙනෙකුටම ප්‍රතිලාභ ලබා දෙන ආයෝජනයක්..”
ආසියාවේ සිට යුරෝපය දක්වා වූ පැරණි සේද මාර්ගයේ නවීන අනුවාදයක් නිර්මාණය කිරීමේ අරමුණින් රටවල් සීයකට අධික සංඛයාවක සංවර්ධන හා වැඩසටහන් ඇතුළත් කරමින් චීනය බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘතිය යෝජනා කර තිබේ. එහෙත් මෙම සැලැස්මෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඉතා සුළු ප්‍රතිලාභයක්වත් ලබා දී නොමැති බවට ධවල මන්දිරයේ නිළධාරීන් පවතසති. මේ නිසා එම ව්‍යාපෘතියට එරෙහි වෙන්නට ජී7 සමුළුවේ සාමාජිකයින් තීරණය කර තිබේ.
ජී7 සමුළුවේ නව ව්‍යාපෘතිය හා යුරෝපා සංගමය ද අත්වැල් බැඳ ගැනීමට කැමැත්ත පළ කර ඇත.







