සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !

by Lankasara News
ජූනි 29, 2022
in පුවත්
Patali Champika Ranawaka | චම්පික රණවක
Share on FacebookShare on Twitter

විදේශ සංචිත අර්බුදය නිසා නිර්මාණය වූ ඉන්ධන අර්බුදය අන්තයට ගොස් ඇති මේ අවස්ථාවේදී විශේෂයෙන්ම තෙල් හා ගෑස් ගෙන්වීමේ කටයුතුවලට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මැදිහත් වීම නතර කළ යුතු බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද පැවැති මාද්‍ය හමුවකදී ඔහු තවදුරටත් සඳහන් කළේ රටේ ලියාපදිංචි වූ තෙල් සැපයුම්කරුවන් අතහැර කිසිදු විශ්වාසයක් නැති විවිධ තැන්වලින් විවිධ ආකාරයට අතනින් ඉන්ධන මිල දී ගැනීමේ කර ගැනීමේ කටයුතු නවත්වා ශ්‍රි ලංකාව තුළ විධිමත්ව කටයතු කළ යුතු අතර රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඊට ඇඟිලි ගැසීම වැළැක්විය යුතු බවය.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු තවදුරටත් සඳහන් කළේ මෙම තෙල් මිලදී ගැනීමේ ක්‍රියාවලිය මිත්‍ර රාජ්‍යන් එක්ක විවෘත ක්‍රියාවලියක ඒ කටයුත්ත කළ යුතු බවය. එහිදී රණවක මහතා තවදුරටත් අනාවරණය කළේ පහුගිය දවස්වල ලංකාවට බොරතෙල් ගේන්න මැදිහත් වෙච්ච සමාගමක් මීට පෙර රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක්ට ගුවනට චන්ද්‍රිකා යවන්න උදව් කරපු සමාගමක් බවයි. ඒක නිසා අපි මේ දෙස අවධානයෙන් සිටිය යුත බව ඔහු පෙන්වා දුන්නේය.

මේ අර්බුදයට, වගකිවයුතු පාර්ශවයන් දැන් ගෙදර යා යුතුයි. විශේෂයෙන්ම මේ අර්බුදයේ නිර්මාතෘවරු වන, ජනාධිපති රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරු ගෙදර යා යුතුයි. මේවට විසඳුම් නැතුව නෙවෙයි. හැබැයි මේ රාජපක්ෂලා මහ පුටුවල ඉන්නකන් රාජපක්ෂලා විසින් පාලන තන්ත්‍රයේ ප්‍රධාන තීරණ ගන්නකන් රාජපක්ෂලාගේ හෙන්චයියන් විසින් මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය ඇතුළු මේ ආයතන මෙහෙයවනකන් සහ රාජපක්ෂලා ගිහිල්ලා, පුටුවල වාඩිවෙලා තෙල් නැව් ගෙන්නන එක පිළිබඳ තීරණ ගන්නකන් මේ රට ගැන විශ්වාසයක්, මේ රටට තෙල් සපයන අයගේවත්, විදේශීය රටවල්වලවත්, අපේ රටේ ඉඳලා විදේශ රටවල්වලට ගිහිල්ලා ඉන්න තිස් ලක්ෂයක් අපේ විදේශ ශ්‍රමිකයන්ගේවත් හිත් වල කිසිම විශ්වාසයක් ඇතිවෙන්නේ නෑ.

අද ජනතාව පුපුරන තැනට ගෙනිහිල්ලා රට ලේ ගංගාවක් නොකොට ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි ඉල්ලා අස් වුණාට පස්සේ එතනට පත් වෙන්නේ කවුද කියන එක පිළිබඳව ව්‍යවස්ථාවේ කියලා තියෙනවා. විසිහතර පැයක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවලා, රහසිගත ඡන්දයෙන් රටේ ජනාධිපතිවරයෙක් පත්කරගත යුතුයි. ඒ වගේම අනිවාර්යයෙන්ම සර්ව පාක්ෂික පාලනයක් හදලා, නිශ්චිත වැඩපිළිවෙලක් හදලා, ස්වාධීන මැතිවරණ කොමිසමක් හා මැතිවරණ ක්‍රියාවලියක් ස්ථාපිත කරලා, දින වකවානු නියම කරලා මැතිවරණයකට ගමන් කිරීමේ අපිට නම් වරදක් පේන්නේ නැහැ.

ඒ නිසා කොල්ල කන ලද ධනය අත් හැරලා මේ බලය අත්හැරලා රාජපක්ෂවරු යා යුතුයි.නමුත් ඔවුන් එහෙම යන්නැති බව පැහැදිලියි. ඔවුන් යැවිය යුතුයි. ඒ සඳහා වෙන ජනතා ව්‍යාපාරයක් දැන් අවිහිංසාවාදීව, ප්‍රජාතන්ත්‍රවාදිව ආරම්භ විය යුතුයි. පාර්ලිමේන්තුව තුළ වහාම සර්ව පාක්ෂික ආණ්ඩුවක් විධිමත්ව සකස් කරලා ඉදිරියට යාමේ වගකීම මේ අවස්ථාවේ සියලු දෙනාටම තියෙනවා. ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා මුල්වෙලා කටයුතු කළ යුතුයි. ඔහු ඒ සඳහා මුල්වෙලා කටයුතු කරන්නේ නැත්නම් ඒ සඳහා කටයුතු කළ හැකි අග්‍රාමාත්‍යවරයෙක් පත්කරගෙන ඒ කටයුත්ත කරන්නට ඉදිරි කාලයේදී අපි ක්‍රියා කරන බව ප්‍රකාශ කරනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

2047 දී ඉන්දියාවේ සියලු වරායන් දැවැන්ත වරායන් කිරීමේ සැලසුම් සකස් කෙරේ

Next Post

චීන එක් මාවතක් එක් තීරයක් ට එරෙහිව G7 ඩොලර් බිලියන 600ක් යොදයි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.