විදේශ සංචිත අර්බුදය නිසා නිර්මාණය වූ ඉන්ධන අර්බුදය අන්තයට ගොස් ඇති මේ අවස්ථාවේදී විශේෂයෙන්ම තෙල් හා ගෑස් ගෙන්වීමේ කටයුතුවලට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මැදිහත් වීම නතර කළ යුතු බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද පැවැති මාද්‍ය හමුවකදී ඔහු තවදුරටත් සඳහන් කළේ රටේ ලියාපදිංචි වූ තෙල් සැපයුම්කරුවන් අතහැර කිසිදු විශ්වාසයක් නැති විවිධ තැන්වලින් විවිධ ආකාරයට අතනින් ඉන්ධන මිල දී ගැනීමේ කර ගැනීමේ කටයුතු නවත්වා ශ්‍රි ලංකාව තුළ විධිමත්ව කටයතු කළ යුතු අතර රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඊට ඇඟිලි ගැසීම වැළැක්විය යුතු බවය.
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු තවදුරටත් සඳහන් කළේ මෙම තෙල් මිලදී ගැනීමේ ක්‍රියාවලිය මිත්‍ර රාජ්‍යන් එක්ක විවෘත ක්‍රියාවලියක ඒ කටයුත්ත කළ යුතු බවය. එහිදී රණවක මහතා තවදුරටත් අනාවරණය කළේ පහුගිය දවස්වල ලංකාවට බොරතෙල් ගේන්න මැදිහත් වෙච්ච සමාගමක් මීට පෙර රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක්ට ගුවනට චන්ද්‍රිකා යවන්න උදව් කරපු සමාගමක් බවයි. ඒක නිසා අපි මේ දෙස අවධානයෙන් සිටිය යුත බව ඔහු පෙන්වා දුන්නේය.
මේ අර්බුදයට, වගකිවයුතු පාර්ශවයන් දැන් ගෙදර යා යුතුයි. විශේෂයෙන්ම මේ අර්බුදයේ නිර්මාතෘවරු වන, ජනාධිපති රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරු ගෙදර යා යුතුයි. මේවට විසඳුම් නැතුව නෙවෙයි. හැබැයි මේ රාජපක්ෂලා මහ පුටුවල ඉන්නකන් රාජපක්ෂලා විසින් පාලන තන්ත්‍රයේ ප්‍රධාන තීරණ ගන්නකන් රාජපක්ෂලාගේ හෙන්චයියන් විසින් මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය ඇතුළු මේ ආයතන මෙහෙයවනකන් සහ රාජපක්ෂලා ගිහිල්ලා, පුටුවල වාඩිවෙලා තෙල් නැව් ගෙන්නන එක පිළිබඳ තීරණ ගන්නකන් මේ රට ගැන විශ්වාසයක්, මේ රටට තෙල් සපයන අයගේවත්, විදේශීය රටවල්වලවත්, අපේ රටේ ඉඳලා විදේශ රටවල්වලට ගිහිල්ලා ඉන්න තිස් ලක්ෂයක් අපේ විදේශ ශ්‍රමිකයන්ගේවත් හිත් වල කිසිම විශ්වාසයක් ඇතිවෙන්නේ නෑ.
අද ජනතාව පුපුරන තැනට ගෙනිහිල්ලා රට ලේ ගංගාවක් නොකොට ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි ඉල්ලා අස් වුණාට පස්සේ එතනට පත් වෙන්නේ කවුද කියන එක පිළිබඳව ව්‍යවස්ථාවේ කියලා තියෙනවා. විසිහතර පැයක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවලා, රහසිගත ඡන්දයෙන් රටේ ජනාධිපතිවරයෙක් පත්කරගත යුතුයි. ඒ වගේම අනිවාර්යයෙන්ම සර්ව පාක්ෂික පාලනයක් හදලා, නිශ්චිත වැඩපිළිවෙලක් හදලා, ස්වාධීන මැතිවරණ කොමිසමක් හා මැතිවරණ ක්‍රියාවලියක් ස්ථාපිත කරලා, දින වකවානු නියම කරලා මැතිවරණයකට ගමන් කිරීමේ අපිට නම් වරදක් පේන්නේ නැහැ.
ඒ නිසා කොල්ල කන ලද ධනය අත් හැරලා මේ බලය අත්හැරලා රාජපක්ෂවරු යා යුතුයි.නමුත් ඔවුන් එහෙම යන්නැති බව පැහැදිලියි. ඔවුන් යැවිය යුතුයි. ඒ සඳහා වෙන ජනතා ව්‍යාපාරයක් දැන් අවිහිංසාවාදීව, ප්‍රජාතන්ත්‍රවාදිව ආරම්භ විය යුතුයි. පාර්ලිමේන්තුව තුළ වහාම සර්ව පාක්ෂික ආණ්ඩුවක් විධිමත්ව සකස් කරලා ඉදිරියට යාමේ වගකීම මේ අවස්ථාවේ සියලු දෙනාටම තියෙනවා. ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා මුල්වෙලා කටයුතු කළ යුතුයි. ඔහු ඒ සඳහා මුල්වෙලා කටයුතු කරන්නේ නැත්නම් ඒ සඳහා කටයුතු කළ හැකි අග්‍රාමාත්‍යවරයෙක් පත්කරගෙන ඒ කටයුත්ත කරන්නට ඉදිරි කාලයේදී අපි ක්‍රියා කරන බව ප්‍රකාශ කරනවා.