ඉන්දියාවේ සියලු වරායන්, 2047 වන විට ‘දැවැන්ත වරායන් (මෙගා පෝර්ට්ස්)’ බවට පත් කිරීම සඳහා සැලසුම් සකස් කරන්න යැයි වරාය, නාවික හා ජල මාර්ග පිළිබඳ මධ්‍යම අමාත්‍ය සර්බානන්ද සොනොවාල් මහතා ඉල්ලා සිටියේය.
ඒ දින තුනක් පුරා පැවැත්වුණු ‘චින්තන් බයිතාක්’ නම් වැඩසටහනේ සභාපතිත්වය ඉසිලූ අමාත්‍යවරයා එම වැඩසටහන් අමතමින් මේ බව සඳහන් කළේය. ‘චින්තන් බයිතාක්’ වැඩසටහනේ අරමුණ වූයේ ඉන්දීයා ආර්ථිකය ඉදිරියට ගෙන යා හැකි අදහස් හා නවෝත්පාදන සාකච්ඡා කිරීමටත් ඉන්දියාවේ සමුද්‍ර ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ අදහස් බෙදා හදා ගැනීමටත්ය.
2047 වන විට සියලු වරායන්, දැවැන්ත වරායන් බවට පත් කිරීමේ සැලසුම් සකස් කිරීමට අමතරව බහාලුම් ටේ්‍රලර් නැවැත්වීම සඳහා නැවැත්වීම් අංගන, නාවික යාත්‍රා ගමනාගමන කළමණාකරණ පද්ධති, 5G ජාල නියමු ව්‍යාපෘති, තෙල් නල මාර්ග සඳහා මෙහෙයුම් අධීක්ෂන පාලන හා දත්ත ලබා ගැනීම් පද්ධති, ස්වයංක්‍රීය වාහන ස්කෑන් පද්ධති වැනි නව ව්‍යාපෘති රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විණි.
මේ සඳහා ‘චින්තන් බයිතාක්’ හි සම සභාපතිත්වය දරන වරාය නාවික හා ජල මාර්ග පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරුන් වන ශ්‍රීපාද් යෙසෝ නායික් හා ශාන්තනු තාකූර් යන අය ද සියලුම ප්‍රධාන වරායන්ගේ සභාපතිවරුන් හා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ද සහභාගී වූහ.