පසුගිය දා රිය අනතුරකට ලක්වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් මෝටර් රථයේ ගැටුණු වන අලියා යැයි පවසමින් මේ දිනවල සමාජ මාධ්‍ය තුල හුවමාරු වන වන අලියාගේ ඡායාරෙූපය ඉන්දියාවේ දුම්රියක හැපී තුවල ලැබූ අලියෙකුගේ බව කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
මේ වන විට විශේෂ කණ්ඩායම් 3ක් යොමු කර වන අලියා සෙවීමේ කටයුකු ආරම්භ කර ඇතැයිද මහින්ද අමරවීර කියයි.
මේ අතර ජැක්සන් ඇන්තනී සැත්කමකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව එම රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.







