සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රූපවාහිනී සභපති රූපවාහිනියේ  අධ්‍යක්ෂ ජනරාල් සහ වෙළෙඳ කළමනාකාර තනතුරුත් ඉල්ලයි…

ඇතුලෙ කඹ ඇදීම් එක්ක බෑ... තනතුරු දුන්නොත් මාස හයෙන් ලාභ අරන් පෙන්වනවා... ඇමතිට සභාපති ලියලා...

by editor
පෙබරවාරි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රූපවාහිනී සභාපති සොනාල ගුණවර්ධන  හා රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨම  කලමානාකාරිත්වය අතර ගැටුමක් වර්ධනය වී ඇති බව රූපවාහිනී අභ්‍යන්තර ආරංචි වලින් වාර්තා වේ.

ඒ රූපවාහිනියේ සභාපතිධූරයට අමතරව වැටුප් නොමැතිව යම් කිසි දීමනාවක් මත  අධ්‍යක්ෂ ජනරාල් හා වෙළෙඳ කළමනාකරු යන ධූර දෙක ද ඔහුටම ලබාදෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ගෙන් කරන ලද ඉල්ලීමක් ඇතුළු සභාපතිවරයාගේ මගඩි කිහිපයක් නිසා බව වාර්තා වේ.

රූපවාහිනී  අධ්‍යක්ෂ ජනරාල් ජම්පති බණ්ඩාර හීන්කෙන්ද   ඇතුළු රූපවාහිනියේ  කළමණාකාරිත්වයෙන්  තමාට සහය නොලැබෙන බව රූපවාහිනී සභාපතිවරයා ජනමාධ්‍ය අමාත්‍යවරයාට දන්වා ඇති බවත්, අදාළ තනතුරු ලැබුණහොත් තමාට රූපවාහිනිය සය මසකින් ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි බවත් ඔහු පවසා ඇතැයි වාර්තා වේ.

ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉකුත් මහ මැතිවරණයට තරඟකරන කාලයේ ඔහුගේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු බාරව සිටි ප්‍රධානියා වූයේ වත්මන් රූපවාහිනී සභාපතිවරයාය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

රූපවාහිනියේ වැටුප් ගෙවීමට පමණක් මසකට රුපියල් මිලියන 60ක පමණ මුදලක් වැයවන අතර ඉන් මිලියන 40ක් සැපයෙන්නේ රජයේ භාණ්ඩාගාරයෙනි.

එසේ ඉතා අසීරු තත්ත්වයක රූපවාහිනිය ක්‍රියාත්මක වෙමින් තිබියදී සභාපතිවරයා සිය හිතමිතුරන් තිදෙනෙකුගේ නාට්‍ය තුනක් මිලදී ගැනීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

 

රූපවාහිනියට නාට්‍ය ගැනීමේදී මින් පෙර තිබූ ක්‍රමවේදයට අනුව මුලින්ම නාට්‍ය පිටපත අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු වන අතර, අධ්‍යක්ෂ මණ්ඩලයේ ලකුණුදීමට අනුව එය A,B හා C යන ශ්‍රේණිගත කිරීමට යටත් කළ යුතුවේ.

පසුව ඒ ශ්‍රේණියේ නාට්‍ය පිටපත රූගතකර එය රූපවාහිනියේ නාට්‍ය මණ්ඩලයෙන් අනුමත කරගතයුතුවේ.

කෙසේවුවද, වත්මන් සභාපතිවරයා විසින් අදාළ කිසිදු ක්‍රමවේදයක් මේවන විට අනුගමනය කර නැතැයි වාර්තා වේ.

ඔහු මෙසේ අලුතෙන් නාට්‍ය ගැනීමට සැරසෙන්නේ මීට පෙර ඉදිරිපත් කරන ලද නාට්‍ය කිහිපයක් පොලිමේ තිබියදීය.

කෙසේවුවද, පසුගිය කාලයේදී නොමේරූ දේශපාලන ඉත්තන් රූපවාහිනියේ සභාපති පුටුවට පත් කිරීමෙන් පසුව රූපවාහිනියේ නාට්‍යයක් විකාශය කිරීමට එහි අධ්‍යක්ෂ හෝ නිෂ්පාදකගෙන් නාට්‍යක කොටසක් සඳහා රුපියල් 50,000ක් වැනි මුදලක් ලබාගත් අවස්ථාද තිබූ බව රූපවාහිනියේ සේවකයෝ කියති.

එසේම නාට්‍ය පල කිරීමට නිළියන්ගෙන් ලිංගික අල්ලස් ගත් ඇමතිලාද සිටි බවද ඔවුහු කියති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද සිට මාස තුනක් ඉදිරියට විදුලි කප්පාදුවක්! කාලසටහන හවසට…

Next Post

චමුදිතට එල්ල වූ ප්‍රහාරයේ CCTV බලන්න පොලිස් කණ්ඩායම් 9ක්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.