ජලාශවල ජලමට්ටම් පහළ යෑමත් සමග ජල විදුලි උත්පාදනය නැවැත්වීය යුතු මට්ටමට පත් වී තිබීමත්, ඉන්ධන හිඟයත් හේතුවෙන් අද (15) සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක රත්නායක පවසයි.
ඉදිරි මාස තුනක කාලයක් සඳහා මෙම විදුලි කළමනාකරණය සිදුවන බවත් විදුලි විසන්ධි කිරීම ජනතාවට අවම පීඩාවක් ඇතිවන සේ සිදුකිරීමේ සැලසුමක් ඇති බවත් කොමිසම පවසයි.
සැපයුම් විසන්ධි කරන කාලසටහන අද පස්වරුවේ දැනුම් දෙන බව ද ජනක රත්නායක සභාපතිවරයා කියයි. කැලණිතිස්ස සොජිටිස් බලාගාරය ඉන්ධන නොමැතිකරමින් මේ වනවිටත් නැවතී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.







