රුසියානු සංචාරකයන් රට තුළට අතුලු වීමේ දී කොවිඩ් 19 රෝගය පැතිරීම වැලැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයන් මොනවාද යන්න පිලිබඳව පැහැදිලිව සඳහන් කළ යුතු බවත් එම ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සෑහීමකට පත් වන්නේ නම් පමණක් සෞඛ්‍ය නිර්දේශ ලිහිල් කළ හැකි බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.
නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ රුසියානු සංචාරකයින්ට මෙරටට ඇතුළු වීම සඳහා දැනට රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය නිර්දේශයන් ලිහිල් කර දෙන මෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමට පිළිතුරු දෙමිනි.
මෙහිදී නිර්දේශ ලිහිල් කිරීමට නම් පවතින අවදානම සහ එම අවදානම වලක්වා ගැනීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ගයන් පැහැදිලි විය යුතු බවත් හෙතෙම පැවසීය.
සෞඛ්‍ය නිර්දේශයන්ගේ මූලික සිද්ධාන්තයන්වන සංචාරකයින්ගේ පීසීආර් පරික්ෂාවන් සිදුකිරිම, ඔවුන්ව කිසියම් කාලයක් සඳහා නිරෝධායනයට යොමු කිරිම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම ආදී ප්‍රකාශයට පත් කර තිබන බවද වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේය.
.