යුද හමුදාපතිවරයාට සහ ඉහළ නිලධාරීන් අපහාස වන අයුරින් පුවත් පළකරමින් ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට තර්ජනයක් එල්ල කළේ යැයි චෝදනා මත අත් අඩංගුවට ගත් රාවණා ලංකා නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ ජි.පි. නිශ්ශංක ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (06) නියෝග කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ පැවසුවේ වෙබ් අඩවිය බලපත්‍රයක් නොමැතිව පවත්වා ගෙන ගොස් ඇති බවය. එම වෙබ් අඩවියෙන් යුද හමුදාපතිවරයාට සහ ඉහළ නිලධාරීන්ට අපහාස වන අයුරින් පුවත් පළකර ඇති බවය. .
එම අවස්ථාවේදී වෙබ් අඩවිය පිළිබඳ ආරක්ෂක ලේකම්වරයාගේ වාර්තාව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙඩ් අඩවිය රටේ භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් එල්ල කර ඇතැයි පැවැසුවේය.
සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රාවණා ලංකා නිව්ස් කර්තෘවරයා ලබන 20 තෙක් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.







