ශ්‍රියානි විජේසිංහ –
කදුළු ගෑස්වල අන්තර්ගතව පවතින රසායනික සංඝටකය කුමක්ද යන්න පිලිබඳව සොයා බැලීමට අවශ්‍ය යෝජනාවන් සෞඛ්‍ය අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගලා ගමගේ සඳහන් කළාය.
අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් හා විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන් ඉදිරියේදී සෞඛ්‍ය ලේකම්වරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බැවින් එම සාකච්ඡාවේ දී කඳුළු ගෑස් පරික්ෂා කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇය පැවසුවාය.
ලෝක ග්ලුකෝමා දිනය නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යෙව්දීයෙකු විිසින් කඳුළු ගෑස් ප්‍රහාරයන්ට තමා ඇතුළු සාමජිකයින් නිරන්තරයෙන්ම ගොදුරු වනබැවින් එහි අන්තර්ගත රසායනිකය ඉදිරියේදී ඇස්වලට හානි පැමිණිය හැකිද යන්න සහ එම රසායනිකය කුමක්ද යන්න පිලිබඳව ඇසු ප්‍රශ්නයට පිලිතුරු දෙමින් ඇය මෙම අදහස් පළ කළාය.
කෙසේ නමුත් කඳුළු ගෑස් වැදීමෙන් පසු කළ හැකි හොඳම හා ක්ෂණික විසඳුම වන්නේ පිරිසිදු වතුරෙන් ඇස් හොඳින් සේදීම බවත් කදුගෑස් ප්‍රහාරවලින් මිදීමට ආරක්ෂිත මුහුණු ආවරණ පැළදීම පමණක් බවද ඇය පෙන්වා දුන්නාය.