දිනසේන රතුගමගේ –
යාපනයේ නාවක්කුලි ප්‍රදේශයේ අළුතින් ඉදිකිරීමට යන ගොඩනැගිල්ලක අත්තිවාරම් කැපීමේදී අත් බෝම්බයක් හමු වීමත් සමගම එම ගොඩනැගිල්ලේ ඉදිරි සංවර්ධන කටයුතු ආරක්ෂක හේතූන් මත නවතා දැමීමට ආරක්ෂක අංශ ඊයේ (5) පියවර ගෙන තිබේ.
හමු වී ඇති අත් බෝම්බය ජේ-ආර් වර්ගයේ අත්බෝම්බයක් වන අතර එම ස්ථානයේ තවත් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය තිබිය හැකි බවට ආරක්ෂක අංශ වලට සාධක හමු වී ඇති නිසා ගොඩනැගිල්ලේ ඉදිරි සංවර්ධන කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කොට තිබේ.
හමු වූ අත් බෝම්බය නිශ්ක්‍රීය කිරීම පිණිස යාපනය අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට චාවකච්චේරී පොලීසිය පියවර ගෙන ඇති අතර යාපනයේ අරක්ෂක අංශ මෙම ස්ථානය පිළිබදව තව දුරටත් විමර්ශන සිදු කරගෙන යයි.