කල්පිටිය පොලිස් ස්ථානයේ සේවය කල පොලිස් නිළධාරිනියකු ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධව චෝදනා ලද කල්පිටිය පොලිස් ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර ලබන 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න ලෙස පුත්තලම අතිරේක දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් අයෝනා විමලරත්න අද (06) නියෝග කළේය .
චූදිත පොලිස් ස්ථානාධිපතිවරයා පුත්තලම අධිකරණය ඉදිරිපත් වීමෙන් අනතුරු ඇප මත සිටියේය.
මේ සිද්ධිය පිළිබදව විශේෂ පරීක්ෂණයක් සිදු කරණු ලබන කුලියාපිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ පුත්තලම අධිකරණයටමේ සිද්ධිය පිළිබදව සිදු කළ පරීක්ෂණ පිළිබදව කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පෙනී ගොස් තිබුණේ සැකකරු වින්දිත පාර්ශවය වෙත බලපෑම් කළ ආකාරය ය..
දෙපාර්ශවයේම කරුණු පිළිබදව සලකා බැලු මාහේස්ත්‍රාත්වරිිය වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ සිද්ධිය පිළිබදව පැමිණිලි කාරියට බලපෑම් කිරීම සිද්ධිය පිළිබදව කරුණු සලකා බලා සැකකරු රක්ෂිතය බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත







