අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා පිල ලකුණු 165 යි…  පිතිකරුවන්ගේ හැම ඉනිමක්ම කොටයි….

by editor
මාර්තු 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බංගලාදේශ කණ්ඩායම ඉතාම විශිෂ්ට ක්‍රීඩා විලාශයකය.  පිටියේ පන්දු රැකීම මනරම්ය.  ජවසම්පන්නය. පන්දු යවන්නන්ගේ ඉලක්කය කදිමය. ශ්‍රි ලංකා ක්‍රීඩකයින්ට පිතිකරණය කෙසේවත් පහසු වූයේ නැත.  පිතිකරණයට පාරාදීසියක් වූ  සිල්හෙට් තණතීරුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 165කට සීමා වී ඇත.

කාසියේ වාසිය දිනුවේ බංගලාදේශ කණ්ඩායමය.  රාත්‍රී 8 පසුවන පින්නෙන් තෙත්වන ක්‍රිඩාංගනයේ අහපසු පන්දු යැවීමේ කටයුත්ත ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා දෙමින් ඔවුන් පන්දු රැකීම තේරූහ.

දසුන් ශානකගේ උඩ පන්දුව අවසන් ඕවරයේ පස්වන පන්දුවේ දී අත් හැරී යෑම අමතක කළහොත් බංගාලේදේශය ගෞරවණිය පන්දු රැකිමක යෙදුනේය.  අතිරේක ලකුණු 05ක් පමණි. එක් නිපන්දුවක්වත් නැත.  බයිස් නැත.  මේ වනවිට තරගය සම්බන්ධ පූර්ව නිගමනය නම් තරගයේ ජයග්‍රහණයේ වැඩිමනත් අවස්ථාව බංගලාදේශ කණ්ඩායමයට. ඒ ජයග්‍රහණයේ ගෞරවයට ලැබීමට උචිත ආකරයෙන් ඔවුන් සිය මුල් භාගය නිමා කර තිබේ.

ශ්‍රී ලංකා පිතිකරණය

ශ්‍රි ලංකා පිතිකරුවන් සියල්ලන්ගේ ඉනිම් කොටය. එක් ක්‍රීඩකයෙක්වත් 50ක් ගත්තේ නැත. පිතිකරණයේ සිටි ඉහලම ලකුණු ලැබූ තිදෙනාම තිස් ගණන්ය.  යළි යළිත් අත්හදා බලන අවිශ්ක මේ පාරත් ෆේල්ය. ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පැතුම් වෙනුවට ආදේශකරනු තබා ඔහු පසෛකින්වත් තැබිය නොහැකි බව අවිශ්ක  පෙන්නුවේය.  මුල් තරගයේ පන්දු දෙකකට මුහණ දී ලකුණු 04කට දැවී ගිය අවිශ්ක මෙවර පන්දු හතකට මුහණ දී ලකුණු නොලබා දැවී යන්නේය. ඒ ටස්කින් අහමඩ් පන්දු යවා රැක ගත් උඩපන්දුවකිනි. පළමු කඩුල්ල දැවි යන්නේ ලකුණු 1 දී ය. අනතුරුව කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගුනේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

කුසල් මෙන්ඩිස්  8 වන පන්දු ඕවරයේ 7 වැනි පන්දුවේ දී කුසල් දැවී යන්නේ කඩුලු රකින ක්‍රීඩක ලින්ටන් දාස්  උඩපන්දුවක් රැකගැනීමෙනි. පන්දු යැව්වේ සෞම්‍යා සකාර්ය.  ඒ වනවිට දෙවැනි කඩුල්ල වෙනුවෙන් කුසල් සහ කමිඳු ලකුණු 66ක සම්බන්ධතාවයක් ගොඩනගා තිබිණි.

මේ තරගය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී යනු ඇතැයි සිතෙන මුල්ම අවස්ථාව විශිෂ්ට පිතිකරණයක නිරතවෙමින් සිටි කමිඳු ඉතාම අනවශ්‍ය ලෙස දුවද්දී දැවී යෑමය. රිෂාඩ් හොසේන්ගේ පන්දු හමුවේ මෙහෙදි හසන් පොයින්ට් සිට පන්දුව රැක්කේය. ලකුණ අතර විචිකිච්චාවට ලක් වූ කමිඳු දුවද්දි දැවී ගියේය.  ඔහු පන්දු 27ක දී ලකුණු 37ක් ලැබුවේය.

සධීර සමරවික්‍රම  ලකුණු 7කි. චරිත් අසලංක ලකුණු 28කි.  මැතිව්ස් නොදැවි ලකුණු 32කි.  දසුන් ඉතාම අසීරුවෙන් පන්දුවට පහර එල්ල කළේය. ඔහු කෙරෙන් ඉලක්කය ගිලිහී තිබිණි. ඔහු පන්දු 18ක දී ලකුනු 20කි.  ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කට ලකුණු 165කි. මෙම තණතීරුවේ ආරක්ෂා කරගත නොහැකි ලකුණකි.

පන්දු යැවීමේ දී ෂොරිෆුල් ඉස්ලාම් ගැන කිව යුතුය. ඔහු කඩුලු ලබා ගත්තේ නැත.  එහෙත් ඔහුගේ පන්දු ඕවර 4ට ඔහු ලබා දුන්නේ ලකුණු 20ක් පමණා. ටස්කින් අහමඩ්, මෙහෙදි හසන්. මුසටෆිසුරු රහ්මාන්, සහ සෞම්‍යා සකාර් කඩුල්ල බැගින් ලබා ගනු ලැබුහ.

බංගලාදේශ ඉනිම ඇරඹී තිබේ. ඔවුන් කදිම ආරම්භයක් ලබා ගනිමිනි. තරගයේ වැඩි ගෞරව ඔවුන්ගේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසිය තුළ දි  පොලිස් නිලධාරිනියකට ලිංගික අතරවර කළ කල්පිටිය  හිටපු පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්…

Next Post

වැට් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 24කින් සම්මතයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.