බංගලාදේශ කණ්ඩායම ඉතාම විශිෂ්ට ක්‍රීඩා විලාශයකය. පිටියේ පන්දු රැකීම මනරම්ය. ජවසම්පන්නය. පන්දු යවන්නන්ගේ ඉලක්කය කදිමය. ශ්‍රි ලංකා ක්‍රීඩකයින්ට පිතිකරණය කෙසේවත් පහසු වූයේ නැත. පිතිකරණයට පාරාදීසියක් වූ සිල්හෙට් තණතීරුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 165කට සීමා වී ඇත.
කාසියේ වාසිය දිනුවේ බංගලාදේශ කණ්ඩායමය. රාත්‍රී 8 පසුවන පින්නෙන් තෙත්වන ක්‍රිඩාංගනයේ අහපසු පන්දු යැවීමේ කටයුත්ත ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා දෙමින් ඔවුන් පන්දු රැකීම තේරූහ.
දසුන් ශානකගේ උඩ පන්දුව අවසන් ඕවරයේ පස්වන පන්දුවේ දී අත් හැරී යෑම අමතක කළහොත් බංගාලේදේශය ගෞරවණිය පන්දු රැකිමක යෙදුනේය. අතිරේක ලකුණු 05ක් පමණි. එක් නිපන්දුවක්වත් නැත. බයිස් නැත. මේ වනවිට තරගය සම්බන්ධ පූර්ව නිගමනය නම් තරගයේ ජයග්‍රහණයේ වැඩිමනත් අවස්ථාව බංගලාදේශ කණ්ඩායමයට. ඒ ජයග්‍රහණයේ ගෞරවයට ලැබීමට උචිත ආකරයෙන් ඔවුන් සිය මුල් භාගය නිමා කර තිබේ.
ශ්‍රී ලංකා පිතිකරණය
ශ්‍රි ලංකා පිතිකරුවන් සියල්ලන්ගේ ඉනිම් කොටය. එක් ක්‍රීඩකයෙක්වත් 50ක් ගත්තේ නැත. පිතිකරණයේ සිටි ඉහලම ලකුණු ලැබූ තිදෙනාම තිස් ගණන්ය. යළි යළිත් අත්හදා බලන අවිශ්ක මේ පාරත් ෆේල්ය. ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පැතුම් වෙනුවට ආදේශකරනු තබා ඔහු පසෛකින්වත් තැබිය නොහැකි බව අවිශ්ක පෙන්නුවේය. මුල් තරගයේ පන්දු දෙකකට මුහණ දී ලකුණු 04කට දැවී ගිය අවිශ්ක මෙවර පන්දු හතකට මුහණ දී ලකුණු නොලබා දැවී යන්නේය. ඒ ටස්කින් අහමඩ් පන්දු යවා රැක ගත් උඩපන්දුවකිනි. පළමු කඩුල්ල දැවි යන්නේ ලකුණු 1 දී ය. අනතුරුව කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගුනේය.
කුසල් මෙන්ඩිස් 8 වන පන්දු ඕවරයේ 7 වැනි පන්දුවේ දී කුසල් දැවී යන්නේ කඩුලු රකින ක්‍රීඩක ලින්ටන් දාස් උඩපන්දුවක් රැකගැනීමෙනි. පන්දු යැව්වේ සෞම්‍යා සකාර්ය. ඒ වනවිට දෙවැනි කඩුල්ල වෙනුවෙන් කුසල් සහ කමිඳු ලකුණු 66ක සම්බන්ධතාවයක් ගොඩනගා තිබිණි.
මේ තරගය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී යනු ඇතැයි සිතෙන මුල්ම අවස්ථාව විශිෂ්ට පිතිකරණයක නිරතවෙමින් සිටි කමිඳු ඉතාම අනවශ්‍ය ලෙස දුවද්දී දැවී යෑමය. රිෂාඩ් හොසේන්ගේ පන්දු හමුවේ මෙහෙදි හසන් පොයින්ට් සිට පන්දුව රැක්කේය. ලකුණ අතර විචිකිච්චාවට ලක් වූ කමිඳු දුවද්දි දැවී ගියේය. ඔහු පන්දු 27ක දී ලකුණු 37ක් ලැබුවේය.
සධීර සමරවික්‍රම ලකුණු 7කි. චරිත් අසලංක ලකුණු 28කි. මැතිව්ස් නොදැවි ලකුණු 32කි. දසුන් ඉතාම අසීරුවෙන් පන්දුවට පහර එල්ල කළේය. ඔහු කෙරෙන් ඉලක්කය ගිලිහී තිබිණි. ඔහු පන්දු 18ක දී ලකුනු 20කි. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කට ලකුණු 165කි. මෙම තණතීරුවේ ආරක්ෂා කරගත නොහැකි ලකුණකි.
පන්දු යැවීමේ දී ෂොරිෆුල් ඉස්ලාම් ගැන කිව යුතුය. ඔහු කඩුලු ලබා ගත්තේ නැත. එහෙත් ඔහුගේ පන්දු ඕවර 4ට ඔහු ලබා දුන්නේ ලකුණු 20ක් පමණා. ටස්කින් අහමඩ්, මෙහෙදි හසන්. මුසටෆිසුරු රහ්මාන්, සහ සෞම්‍යා සකාර් කඩුල්ල බැගින් ලබා ගනු ලැබුහ.
බංගලාදේශ ඉනිම ඇරඹී තිබේ. ඔවුන් කදිම ආරම්භයක් ලබා ගනිමිනි. තරගයේ වැඩි ගෞරව ඔවුන්ගේය.