තමන් පොදු ජන පෙමුනේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයෙන් අද දින ඉල්ලා අස්වන බව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කීවේය.
තමා පොදුජන පෙරමුණේ ආරාධනාව පිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් භාරගත් බවත්, ජනාධිපතිවරයාගේ ඇරයුම මත මුදල් අමාත්‍ය ධුරය භාරගත් බවත් කී බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මීට මාස තුනකට පෙර අනෙක් ඇමතිවරුත් සමග මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී නව කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමට ජනාධිපතිවරයාට අවස්ථාව සලසා දුන් බව කීවේය.
අද දින තමන් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වන බවකී බැසිල් රාජපක්ෂ එම තීන්දුව ගත්තේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම නිසා නොවන බව කීවේය.
“රාජ්‍ය පාලනය සහ දේශපාලනය දෙකක්. මා රාජ්‍ය පාලනයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙනවා. රාජ්‍ය පාලනයේ කිසිම කටයුත්තකට අද සිට මා සම්බන්ධ වෙන්නෙ නෑ. නමුත් දේශපාලනය නතර කරන්නෙ නෑ. ඉදිරියටත් මා දේශපාලනය කරනවා. “ බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීවේය.
මෙ පුවත්පත් සාකච්ඡාව හිරු පුවත් සේවය වාර්තා කරන ආකාරය පහත දැක්වේ.
https://www.facebook.com/hirunews/videos/561500222348803