ඉන්දීය රජය විසින් ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ලබන මස පළමු සති දෙක තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කරයි.
එම පොහොර තොගය ඉන්දීය රජය විසින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ඕමානයෙන් ආනයනය කරන ලද තොගයක් වන අතර දැනට අපේ රටේ ගොවීන් මුහුණ දෙන පොහොර හිඟය සළකා බලා මෙම යුරියා පොහොර තොගය ලබා දීමට ඉන්දීය රජය තීරණය කර ඇති බව ඇමතිවරයා පැවසීය.
ඉන්දීය රජය විසින් ලබා දෙන යූරියා පොහොර ලබා ගැනීම ඇතැම් ගොවීන් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
මෙසේ ඔවුන් පොහොර ප්‍රතික්ෂේප කර ඇත්තේ යල කන්නයේ අස්වැනු නෙලන කාලය වන බැවින් පොහාරවල අවශ්‍යතාවක් මේ වන විට නොමැති බව පවසමිනි.
මෙම පොහොර බෙදා හැරීමේ කටයුතු දින දෙක තුනක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ජාතික පොහොර ලේකම් කාර්යාලය, කොමර්ෂල් පොහොර සමාගම, ලංකා පොහොර සමාගම ඇතුළු ජාලය මගින් ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා සිදු කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කරයි. .
මෙම යුරියා පොහොර තොගය මිටියක් රුපියල් 10,000ක වැනි මුදලකට ගොවීන් අතට පත් කිරීමට කටයුතු යොදා ඇත.