දිනසේන රතුගමගේ –
වවුනියාව මාන්කුලම විදුහලේ වැසිකිළියක් තුළදී පාසල් දැරියක් වාර දෙකක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ පාසලේම තරුණ ශිෂ්‍යයෙකුට වවුනියාව මහධිකරණ විනිසුරුවරයා විසින් වසර දහයක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කොට අගතියට පත් සිසුවියට රුපියල් ලක්ෂ හතරක වන්දි මුදලක් ගෙවන ලෙසටද 8 දා නියම කළේය.
වවුනියාව මහධිකරණ විනිසුරුවරයා හමුවේ විභාග වූ මේ නඩුවේ තීන්දුව දෙමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ සිසුවියට අදාල වන්දි මුදල නොගෙවන්නේ නම් සිර දඩුවම තවත් වසර දෙකකින් දීර්ඝ වන බව්යි.
පාසල් වැසිකිළිය තුළදී සිසුවිය දෙවරක්ම දූෂණයට ලක්ව ඇත්තේ ඇය පාසල් නිල ඇදුමින් සිටියදීමවන අතර දූෂණය කළ සිසුවාද පාසල් නිල ඇදුමින් සිට ඇත.
2017 මාර්තු මස 12 වෙනිදා මේ සිදු වීම සිදුව ඇති අතර එහිදී මාන්කුලම පොලීසිය විසින් සැකකටයුතු සිසුවා අත් අඩංගුවට ගෙන මාන්කුලම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික නඩු විභාගයක් මාන්කුලම අධිකරණයේදී පැවැත්වීමෙන් පසුව එම නඩුව වවුනියාව මහාධිකරණය වෙත යොමු කොට තිබුණි







