වැලිකඩ රාජගිරිය ප්‍රදේශයේ 71 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු මත්ද්‍රව්‍ය වලට හුරු වූ ජින්ටී රංජි නැමැත්තෙක් බවත් ඔහු මින් පෙරත් රන් භාණ්ඩ හා මුදල් කෑමේ පරමාර්ථයෙන් අතුරුගිරිය ප්‍රදේශයේ කාන්තා ඝාතනයක් කළ පුද්ගලයෙක් බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.
අපරාධය සිදුවී පැය 24ක් යන්නට පෙර මේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.
සැකකරු පිළිබඳ ලැබුණු තොරතුරකින් පසු අවට සී.සී.ටී.වී කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව රාජගිරිය ප්‍රදේශයේ නිවසක සැඟවී සිටිය දී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇත.
මෙම සැකකාර පුද්ගලයා කඩුවෙල කොරතොට තුන් අඳහේන ප්‍රදේශයේ පදිංචි හේවාවත්තගේ විජිත කුමාර හෙවත් ජින්ටී රංජි නැමැත්තෙක් බව පොලිසිය කියයි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඝාතනය සිදු කළ දිනට පෙර දා මැදියමේ නිවසේ උළු ඉවත් කර ඇතුළු වී කාන්තාව ඝාතනය කර රුපියල් විසිපන් දහසක මුදලක් සොරකම් කරගෙන පලාගොස් ඇතිබව අනාවරණය වී ඇත.
මින් පෙර අතුරුගිරියේ 51 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට එරෙහිව හෝමාගම අධිකරණයේ නඩුවක් විභාග වෙමින් ඇතැයි පොලිසිය කියයි.