සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජකාරි පංගුවට හබ කළ කපුවන් නිසා සීල් තැබූ අලවතුගොඩ සමන් දේවාලයේ සීල් කඩයි… පළතුරු කුණු ගඳ හතර අතේ පැතිරෙයි…

by editor
ජනවාරි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දේවාලයේ කපු රාජකාරි පංගුව සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයක් හේතුවෙන් සීල් තබා තිබුණු අලවතුගොඩ සමන් දේවාලයේ අගුළු කඩා දේවාලය යළි පූජා කටයුතු සඳහා විවෘත කර තිබේ.

ප්‍රධාන  දොරටුවේ අගුළු කඩා විවෘත කළ අවස්ථාවේ දේවාලය තුළ එළවළු හා පලතුරු කුණු වී දැඩි දුර්ගන්ධයක් හමමින් තිබී ඇති බව වාර්තා වේ.

දේවාලයේ ප්‍රධාන කපුවා  හදිසියේ මරණයට පත්වීමෙන් පසු  ඔහු ගේ සහෝදරයින් දේවාලයේ ප්‍රධාන යතුර කපු රාජකාරි භාර අනෙක් පාර්ශවයට ලබා නොදීම හේතුවෙන් ඇති වූ අර්බුදයක් නිසා මහනුවර නියෝජ්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වූ අනුරුද්ධ හේම බණ්ඩාර   විසින් පසුගිය 23 දින දේවාලයට සීල් තබනු ලැබීය.

ඒ වනවිටත් සති දෙකක පමණ කාලයක් තිස්සේ දේවාලය විවෘත කිරීමට නොහැකිව තිබීම නිසා පූජා පැවැත්වීමට හා වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමත්හූ දැඩි අසීරුතාවට පත්ව සිටියහ.

මේ තත්ත්වය තුළ  මහනුවර නියෝජ්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද දැනුවත් කර දේවාලයේ බස්නායක නිළමේ භාෂණ උදීප බණ්ඩාර  අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ හා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා ඉදිරිපිට දේවලයේ ප්‍රධාන දොරටුවේ අගුළු විවෘත කිරීමට තීරණය කර තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ සඳහා ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලීමට මහනුවර නියෝජ්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා   අලවතුගොඩ පොලීසියට ගිය අවස්ථාවේ දොරටුව කඩා දේවලය විවෘත කළහොත් ගෙවල් බිදීම යටතේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ව අත්අඩංගුවට ගැනීමට සිදුවන බව පොලීසිය දැනුම් දී ඇත.

කෙසේ වෙතත් ඔහු      පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද දැනුවත් කර දේවාලයේ බස්නායක නිළමේ භාෂණ උදීප බණ්ඩාර , අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ හා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා ඉදිරිපිට දේවලයේ ප්‍රධාන දොරටුවේ අගුළු කඩා විවෘත කර ඇත.

කපු රාජකාරියේ තාවකාලිකව වැඩ බැලීම සඳහා කපු රාජකාරිය හිමි අනෙක් පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙකුට දේවාලයේ යතුරු බාරදුන් බව අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිළමේ අනුරුද්ධ හේම බණ්ඩාර   පැවසීය.

දේවාලය විවෘත කළ අවස්ථාවේ අලවතුගොඩ පොලීසිය අවශ්‍යය සහය ලබා නොදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට හා මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට මහනුවර නියෝජ්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හා අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා තීරණය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතීත කොදෙව්වන්ගේ විභූතිමත් මතකය කොදෙව් කොල්ලෝ යලි කැඳවති… වසර 27කට පසු ඔස්ට්‍රේලියාව පරදවා ඔස්ට්‍රේලියාවේ දි ටෙස්ට් ජයක් ලබති!

Next Post

රටේ නොදරුවන්ගේ අධ්‍යාපන ඛේදවාචකය…  පෙර පාසල් ගුරුවරු 34000යි. සුදුසුකම් සහිත අය 6000ක් පමණයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.