සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අතීත කොදෙව්වන්ගේ විභූතිමත් මතකය කොදෙව් කොල්ලෝ යලි කැඳවති… වසර 27කට පසු ඔස්ට්‍රේලියාව පරදවා ඔස්ට්‍රේලියාවේ දි ටෙස්ට් ජයක් ලබති!

by editor
ජනවාරි 28, 2024 - Updated on ජනවාරි 29, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter
ඉඳුනිල් කහටපිටිය –

මේ ලියන මා දැන් පනස් විය පිරූ වියපත් මිනිසෙකි.  අපට අපේ ළමා කාලයේ ක්‍රිකට් ආශ්චර්යයක් සේ දුටු මහා දැවැන්තයන් හමුවන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන් අතරය.  ජාතිය වෙනුවෙන් උපන් හැඟිම, අත් නොහරින තරගකාරී බව, ක්‍රීඩාව වින්දනය කරමින් එහි ගැඹුරු ආශ්චර්යයන් මතු කිරීම අප අත් දුටුවේ කොදෙව් ක්‍රීඩකයින්ගේ බව සිහිකළ යුතුය.

ඒ මහා කොදෙව් ආශ්චර්යය  දිය කර හැරියේ අසමත් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ  ඇඟේ හයිය පමණක් සහිත, හැඟීමක් ගැඹුරක් නැති පරම්පරාව අතට ක්‍රිකට් පත් විමෙන් අනතුරුව එහ හුදෙක් විස්සයි 20 ගසා මුදල් උපයන මාර්ගයක් පමණක් බවට පත්වීම නිසා බව පෙනුනි.  ගැඹුරු අධ්‍යාත්මකයක් නැතිව රටක් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ නොහැකිය. විශේෂයෙන්ම සාපේක්ෂව මුදල් උපදවන්නේ නැති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව කරගන්නට නොහැකිය.

මේ වනවිට පැවැත්වෙමින්  තිබුණ බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය ඔස්ට්‍රේලියාව පහසු ජයකින් කෙළවර කරනු ඇතැයි සියල්ලෝ සිතූහ. එහෙත් පළමු ටෙස්ට් තරගයේ දී බටහිර ඉන්දීය ජව සම්පන්න යෞවනයන් දැක්වූ ක්‍රිකට් පෙළහර ඔස්ට්‍රේලියාව තිගැස්වූ බව විශ්වාසය. එහෙත්  එම තරගය ඔස්ට්‍රේලියාව දිනුවේය.

කෙසේ වෙතත් දෙවන ටෙස්ට් තරගය නිමා වන්නේ    අධුනික ක්‍රීඩකයින් 07 දෙනෙකුගෙන් සමන්විත වුව ද අප දුටු අතීක කොදෙව්වන්ගේ විචිත්‍ර මතක  ක්‍රීඩා පිටියට කැඳවූ කොදෙව් යෞවනයන්ගෙනි. වසර 27කට පසු ඔවුහු ඔස්ට්‍රේලියාව පරදවා ටෙස්ට් ජයග්‍රහණයක් අද වාර්තා කළහ. මේ කෙටි වීඩියෝ දර්ශනය  සංක්ෂිප්තය බලන්න…

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

 

මෙය ක්‍රිකට් රසිකයෙකු විසින් විඳිය යුතුම තරගයක් බව විශ්වාස කරමි.  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරය තරග දෙකකින් සමන්විත විය. මුල් තරගයේ ජයග්‍රහණය ඔස්ට්‍රේලියානුවෝ අත් කරගත්හ.

අද අවසන්වන දෙවැනි තරගය පැවැත්වුයේ බිස්බෙන් හි බිස්බෙන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීය. පසුගිය ඉරිදා (25) ආරම්භ වූ තරගයේ  කාසියේ වාසිය දිනුවේ කොදෙව් ක්‍රීඩකයින්ය. කොදෙව්වෝ  මුලින්ම පන්දුවට පහරදීමට තීන්දු කළහ.

පළමු ඉනිම වෙනුවෙන් ඔවුහු ලකුණු 311ක් රැස් කළහ. කඩුළු රකින ක්‍රීඩක ජෝෂුවා ද සිල්වා ලකුණු 79ක්, කවීන් හොග් ලකුණු 71ක්, කෙවින් සින්ක්ලෙයාර් ලකුණු 50ක් වාර්තා කළහ.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූයේ මිචෙල් ස්ටාක් ය. ඔහු ලකුණු 82කට කඩුළු 04ක් ලැබුවේය. ජොෂ් හේසල්වුඩ්, නේතන් ලියොන්, කඩුළු 02 බැගින් ලදහ. පැට් කමින්ස් කඩුල්ලක් ලැබුවේය.

හිතනවාට වඩා බටහිර ඉන්දීය කොදෙව් පන්දු ආක්‍රමණය ප්‍රබල වූයේය. ස්ටීවන් ස්මිත්, මානස් ලබුෂේන්, කැමරන් ග්‍රීන්, ට්‍රෙිවිස් හාර්ඩ් මිචෙල් ස්ටාර්ක් දැවී යන්නේ ලකුණු 10ට අඩුවෙනි. ට්‍රැවිස් හෙඩ් තමන් මුහණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යන්නේය. උස්මන් කවාජා ලකුණු 75ක්, කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි ලකුණ 65ක් සහ නායක පැට් කමින්ස් නොදැවී ලකුණු 64ක් ලබන්නේය. පළමු ඉනිම ඔස්ට්‍රේලියානුවන් නිමා කරන්නේ කඩුළු 09කට ලකුණු 289ක් ලබා ලකුණු 22ක් පිටුපසින් හිඳිමිනි.

දෙවැනි ඉනිමේ දී බටහිර ඉන්දීය කොදෙව්වො ලකුණු 193කට සීමා විය. වැඩිම ලකුණු ලාභියා වූයේ කිර්ක් මැකෙන්සිය. ඔහු ලකුණු 41කි. ඇලික් ඇතනස් ලකුණු 35ක්, ජස්ටින් ග්‍රේව්ස් ලකුණු 33ක්,  කවීම් හොග් ලකුණු 29ක්, ලැබූහ. ජොෂ් හේසල්වුඩ් සහ නේතන් ලියොන් කඩුළු 3 බැගින් බිඳ දැමූහ. මිචෙල් ස්ටාක් සහ කැමරන් ග්‍රීන් කඩුල්ල බැගින් ලැබූහ.

දැන් ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා ලබා ගත යුතු වන්නේ ලකුණු 216කි.  අප කවුරුත් බලා සිටියේ කොදෙව් කොල්ලන්ට ක්‍රිකට් වලින් අටුවම් බැස ඇති ලෝකයේ අංක 01 කණ්ඩායම වඩාගෙන ගහනකම්ය.

මැකී ගිය අතීත කොදෙව් ක්‍රිකට් රිද්මය යළි මතුවන්නේ පරාජයේ අඳුරු සෙවනැල්ල කොදෙව් කණ්ඩායම මත පතිත වූ මෙහොතේය. ක්‍රිකට් ලෝකයේ විශිෂ්ටයන් ලෙස පිළිගැනීම සහිත ලෙස නම් වී සිටින තරුණ  උස්මන් කවාජා, මානස් ලබුෂේන්, ට්‍රැවිස් හෙඩ්, මිචෙල් මාෂ් , ඇලෙක්ස් කේරී,  නායක පැට් කමින්ස්, ඇතුළු නේතන් ලියෝන්, ජොෂ් හේසල්වුඩ්, දැවී ගියේ ලකුණු 10ට අඩුවෙනි.

මුල් තරගයේ ශතක ලාභියෙක් වුව ද  මේ තරගය ට්‍රැවිස් හෙඩ් ගේ ක්‍රිකට් ජීවිතය තීන්දු කරන්නක් වූ බව ලියා තැබිය යුතුය. පළමු ඉනිමේ පළමු පන්දුවේ දී කොදෙව් කඩුළු රකින ක්‍රීඩක ජෝෂුවා ද සිල්වා වෙත උඩපන්දුවක් දී දැවී ගිය ට්‍රැවිස් හෙඩ් දෙවැනි ඉනිමේ  පළමු පන්දුවේදීම ෂාමර් ජෝෂප් ගේ පන්දුවක් කඩුල්ලේ දැවටී දැවී ගියේය. ඔහු තරගයේ දී ඉනිම දෙකේදීම ක්‍රීඩා කළේ පන්දු 02කි.

ජයග්‍රාහී 216ක පහසු පෙනෙන ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියානුවෝ ලකුණු 207කට දැවී ගියහ.  ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ මහත් වූ ආනන්දයක් දනවන ලද එ් තරගය කොදෙව්වන් ජයග්‍රහණය කරන ලද්දේ තියුණු ලකුණු 08කිනි.

තරගයේ මහා ආශ්චර්මත් පන්දු යවන්නා ශාමර් ජොෂප්ය. ඔහු පන්දු ඕවර 11.්‍5ක් තුළ ලකුණු 68කට කඩුළු 07ක් දවා ගත්තේය. අල්සාරි ජෝෂප් ලකුණු 62කට කඩුළු 2ක් සහ ජස්ටින් ග්‍රේව්ස් ලකුණු 46ට කඩුල්ලක් ලැබූහ.

ෂාමර් ජෝෂප්…

කොදෙව් පිල

තරුණ ජවයෙන් සහ අභිමානයෙන් මෙන්ම ආත්ම විශ්වාසයෙන් යුතු කණ්ඩායමක් ලෙස ඔවුහු ක්‍රිකට්  ලෝකයට අලුත් කතාවක් කීහ.  කණ්ඩායමෙන් ක්‍රීඩකයින් හත් දෙනෙක්ම ටෙස්ට් තරග 10 සීමාව නොඉක්මවූ ආධුනිකයින්ය.

ටගනාරින් චන්ද්‍රපෝල් ගේ තරග අත්දැකීම තරග 10කි. ක්‍රිග් මැකෙන්සි තරග 03කි. ඇලික් ඇතනස් තරග 04කි.

කෙවම් හෝග්, කෙවින් සින්ක්ලෙයාර්, ජස්ටින් ග්‍රේව්ස් සහ ෂාමර් ජෝෂප් මේ තරගාවලියටම කැඳවූ ක්‍රීඩකයින්ය.

ෂාමර් ජෝෂප් ක්‍රිකට් ආශ්චර්යයකි. ඔහු සිය පළමු තරගාවලියේම තරාගවලි ජයග්‍රාහකයා ය. මෙම තරගරයේ වීරයාය. ගායානාවේ ඈත් දුෂ්කර ගමක දරකපන්නෙකුගේ පුතෙක් වූ කුලී කම්කරු තරණයෙක් සිය පළමු කැඳවීමේ දී රට මහා ඉහළට ඔසවා තැබූ අප්‍රමාණ විරයෙක් වූයේය. ඔහුගේ අනාගතය ඔහුගේ සිතිවිලි සහ අරමුණු මත තිරණය වනු ඇත. ඔහු මුදලට පාවී දයවී යන තවත් එක් උල්කාපාතයක් ද, නොඑසේනම් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආශ්චර්යය යළි පිහිටුවා පෝෂණය කරන බරසාර මිනිසෙක් ද යන්න පිළිබඳ තවම අනාවැකි කිව හැකි නොවේ.

කෙසේ වෙතත් ඔහු ගැන වෙනම ලියා තැබිය යුතුය.  විනයක් කැපවීමක් හෝ ගැඹුරු ඉලක්ක රහිත බොල් කෝම්බ අතරින් ඩුප්ලිකේට් කෝලිලා බිහිවනතුරු බලාගෙන ඉන්නා අපේ රටේ උන්ට ඇත්ත ක්‍රිකට් කතාවක් කීම සදහාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්ව මුදල රුපියල් 1000කින්  ඉහළට!

Next Post

රාජකාරි පංගුවට හබ කළ කපුවන් නිසා සීල් තැබූ අලවතුගොඩ සමන් දේවාලයේ සීල් කඩයි… පළතුරු කුණු ගඳ හතර අතේ පැතිරෙයි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.