පොලිසිය මහජන අප්‍රසාදයට ලක් වී ඇති මේ අවස්ථාවේ දී රඹුක්කන ඝාතනය සම්බන්ධව ඍජුව පොලිස්පතිවරයා වගකිවයුතු බවට චෝදනා එල්ල කරමින් ඔහුට ප්‍රහාර එල්ල කීරීමේ අභ්‍යන්තර ව්‍යාපෘතියක් දියත් කර ඇති බවත් එය පසුපස ඉන්නේ පොලිස්පති සිහිනයේ සිටින එක්තරා උසස් පොලිස් නිලධාරියෙක් බවත් පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
බොර දියේ මාලු බෑමේ උත්සාහයක නිරත වී සිටින මෙම නිලධාරියා සම්බන්ධව ඇත්තේ අඳුරු අතීතතයක් බව ද ඔහුගේ මෙම ව්‍යාපෘතියට පොලිසියේ බහුතරයකගේ දැඩි අප්‍රසාදය පලවෙමින් ඇති බව ද වාර්තා වේ.
රඹුක්කන අපරාධයට නිශ්චිත වරදකරු සොයා දඬුවම් දීමේ දී පොලිස්පතිවරයා වරදකරු වී ඔහු ඉවත් කළත් පොලිසියේ උස්සම පුටු දෙස ඇස ගසාගෙන සිටින්නේ මෙවැනි ජරාජීර්ණ නිලධාරීන් නම් පොලිසියට දෙවියන්ගේම පිහිට බවත් ඔවුන් පවසා ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව නිසි ලෙස ආරක්ෂාව තහවුරු නොකිරීම සම්බන්ධව චෝදනාවට ලක් වී සිටින නිලධාරියෙක්වන ඔහු දේශපාලන ගැති භාවයෙන් යුතුව නීතිය අවභාවිතා කිරීම්, මානව හිමිකම් කඩකිරීම්, පාතාලය සමග ගනුදෙනු කිරීම්, සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර කතා බහට ලක් වූ පුද්ගලයෙක් බවත් දැනගන්නට ඇත.







