දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටි ඉතාම වටිනා ඔරන් ඔටන් පැටවෙකු අද අලුයම මිය ගොස් තිබේ.
ඒ එම සත්ත්ව කුඩුවේම ජල පොකුණකට වැටීමෙන් බව වාර්තා වේ. මේ වනවිටත් එහි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරමින් ඇත.
මේ පිළිබඳව සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබන ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නයනක රන්වැල්ල පෙන්වා දෙන්නේ ඔරන් ඔටන් යනු වඳවීමේ පියස්ස මත සිටින මුළු ලෝකයේම අවධානය දිනා සිටින සත්ත්ව කොට්ඨාසයක් බවය.
ඔවුන් මේ වනවිට ඉතාම දුර්ලබම සතුන් ලෙස සැලකේ.
එවැනි සතුන් පිළිබඳ දෙහිවල සත්ත්වෝද්‍යාන බලධාරින් කටයුතු කර තිබෙන ආකාරය ඉතාම කනගාටුදායක බවත් .මෙවැනි මාරක සහිත ස්ථානයක මේ සතුන් තැබීමත් නිසි ලෙස රැක බලා නොගැනීමත් පිළිබඳ වහාම විධිමත් විද්‍යාත්මක හා ස්වාධින පරීක්ෂණයක් සිදුකළයුතු බවත් ඔහු පෙන්වා දෙයි.
ඔරන් ඔටන් වැඩිහිටි ගැහැණු සතා ද මීට මාස කිහිපයකට පෙර මිය ගොස් ඇත.ඒ අනුව ගෙවුණු මාස 5 ඇතුළත මෙවැනි අති දුර්ලබ ඔරන් ඔටන් මරණ දෙකක් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් වාර්තා වී තිබේ.







