අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල 5175ක් දක්වා මිල ඉහළ ගොස් තිබේ. ඒ සිලින්ඩරයක මිල රුපියල් 2500කින් එක්වර ඉහළ යෑමත් සමගය.
මිල ඉහළ යෑමට පෙර LP ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,675 ක් විය. ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය 2021 ඔක්තෝම්බර් මාසයේදී පැවතියේ රුපියල් 1,493 කට අලෙවි කරන ලදී.
කෙසේ වෙතත් මේ වනවිට රට තුල බරපතල ගෑස් හිඟයක් නිර්මාණය වී ඇත. දින 12ක් වසා ලිට්‍රෝ ගෑස් සමාගම වසා දැමීම හේතුවෙන් ගෑස් සිලින්ඩර ලක්ෂ 12ක හිඟයක් ඇතිවන්නට නියමිත බව අද පාර්ලිමේන්තුවේදීත් කතා කළේය.







