ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් දේශපාලන ගේමක නිරත වූ බව සමගි ජන බලවේග්යේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
රත්තරන් ජාවාරම සම්බන්ධව වරදකරුවී දඩ ගෙවා පාර්ලිමේන්තු පැමැණි මෙම පුද්ගලයා රජයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ තමාට රජයෙන් ආරක්ෂාවක් නොමැති බව පෙන්වීමට බවත් මන්ත්‍රීවරයා යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ දේශපාලන ගේමක් ලෙස බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී මෙසේ කීවේය.
“ කිලෝ ගණන් රත්තරන් හොරකම් කළ පුද්ගලයා ආණ්ඩුව මේ පාර්ලිමේන්තුවට ගෙනාව. ගෙන්නලා අපේ පැත්තට ඡන්දය දුන්නා. රටට පෙන්වන්න ඒ පුද්ගලයා ආරක්ෂා කළේ ආණ්ඩුව නෙමෙයි කියලා පෙන්වන්න.”
“මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ වගේ නින්දිත පුරුෂයො ඇවිත් ඒ ගොල්ලොත් ඉන්නවා නම් මහජන නියෝජිතයො හැටියට මේක ඇතුළෙ ඉන්න එක අපට ලජ්ජාවක්.” සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා තවදුරටත් කීවේය.









