බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රත්තරන් ගිනි අවිය පත්තු වුන පැත්ත… අපි ඉන්නේ මොකෙක්වත් විශ්වාස කරන්න බැරි රටක ද?…

by editor
මැයි 22, 2025 - Updated on මැයි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

රත්තරන් ටී -56 පත්තු වී ඇත. සද්දය එන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ප්‍රබලයෙක් වූ දුමින්ද දිසානායකගේ පැත්තෙන්ය. දැන් බලාගෙන යනකොට මේ රටේ මිනිස්සු ඉන්නේ මොකා විශ්වාසයෙන් ඇසුරු කළ යුතුද, නොකළ යුතුද යන්න හොයා ගන්නට මොකාටවත් බැරි තැනකය.

රත්තරන් ගිනි අවිය සහිතව කසකස්ථාන කාන්තාවක් සහ ඇයගේ නැන්දම්මා අත් අඩංගුවට පත්වන්නේ ඊයේ දිනයේය.  ඊයේ කතාව පහත ඇති දිගුවෙන් කියවා ගන්නට හැකිය. අද වනවිට හෙළිදරවුවන තොරතුරු ඉයේ කතාවේ ගෑවිලාවත් තිබුණේ නැතිය.

අත් අඩංගුවට පත් වන්නේ කසකස්ථාන් ජාතික කාන්තාවක සහ ඇයගේ නැන්දනිය ය. කසකස්ථාන් කාන්තාවට අවුරුදු 40කි. ඇයගේ නැන්දනියට අවුරුදු 68කි. නැන්දනිය සිංහලය. අවුරුදු 68ක් වයස එම කාන්තාවගේ පුතා විවාහ වී සිටින්නේ කසකස්ථාන ජාතික කාන්තාව සමගය. නෑ කම එසේය.

කසකස්ථාන ජාතික කාන්තාව පදිංචිව ඉන්නී බත්තරමුල්ලේය. ඇයගේ සැමියා දැන් රැකියාව කරන්නේ කටාර් රාජ්‍යයේය. මේ ටික කීවේ කතාව යළි සිහි කරගන්නටය.

පෙරේදා සවස කසකස්ථාන ජාතික කාන්තාව රනින් වර්ණගැන්වූ ටී 56 ගිනි අවියක හැඩය ගත් යමක් රැගෙන සිය නැන්දනිය හා සමග හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ නැන්දම්මාගේ  නිවසට යන්නට පැමිණියාය. කාන්තාව රන් පැහැති මේ මෙවලම අරගෙන එන්නේ බෑගයක දමා නොවේ. අතේ තියාගෙනය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

කාන්තාවන් දෙදෙනා ගොඩනැගිල්ලට ප්‍රවේශවන තැන රාජකාරියේ යෙදී සිටියේ හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරියෙකි. ඔහුට මේ අමුතු භාණ්ඩය ගැන සැක සිතී ප්‍රශ්න කරනවිට කසකස්ථාන ජාතික කාන්තාව පැවසුවේ මේ සෙල්ලම් බඩුවක් බවය. ආරක්ෂක නිලධාරියා එය ඉල්ලා ගත්තේය. කාන්තාව කිසිම පැකිලීමකින් තොරව එය දුන්නාය. අතට ගත් හැටියේම මේ සෙල්ලමක් නොවන බව තේරුම් ගත් නිලධාරියා මැගසිනය ගලවා බැලුවේය. බඩු හරිය. මේ තිබෙන්නේ සෙල්ලම් ගිනි අවියක් නොව, රන් පැහැ ගැන්වූ ස්වයංක්‍රීය T56 ගිනි අවියක් බව තහවුරු වුනේය. පොලිසියට සිද්ධිය දැන්වූයේය. කාන්තාවො දෙපළ අත් අඩංගුවට පත් වූහ.

අනතුරුව ගිනි අවිය ගැන කාන්තාවන් දෙපළගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ වූයේය. උනන්දුව ඇතිවන්නේ මෙතැන් සිට හෙළිවන කතාව සම්බන්ධවය.

68 හැවිරිදි කාන්තාව ඉන්නේ හැව්ලොක් ප්‍රදේශයේ මේ සුපිරි මහල් නිවාස සංකීර්ණයේ නිවසකය. ඇය එහි ඉන්නී හුදකලාවය. ඇයට යහමින් මුදල්ය. ඒ මුදල් ලැබෙන ආකාරය සම්බන්ධව අදහසක් තවම නැත. ඇයගේ සැමියා සම්බන්ධව තොරතුරක් ද තවම හෙළි වී නැත. ඇය පරම්පරාවෙන්ම මුදල් හදල් ඇති තැනැත්තියක් බව ද කියැවේ.

මේ තැනැත්තිය සමග දුමින්ද දිසානායක ඉතා සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබේ. දුමින්ද දිසානායක දැන් ඉන්නේ ඇයගේ මහල් නිවාසයට නුදුරින්ය. දැන් කාන්තාව පොලිසියට කියන්නී මෙවැනි කතාවකි.

කසක්ථාන ජාතික කාන්තවගේ පුතුන්ට විනෝද චාරිකාවක් යන්නට අවශ්‍ය වී තිබේ. අවශ්‍ය බෑගයක් නැත. ඇයට නැන්දනියගේ නිවසේ බෑගයක් තිබුණු බව සිහි වී තිබේ. ඇය පෙරේදා කුලී රථයකින් බත්තරමුල්ලේ සිට පැමිණ ඇත්තේ ප්‍රධාන වශයෙන්ම මේ බෑගය රැගෙන යන්නටය.

ටික වෙලාවකින් කසක්ථාන ජාතික කාන්තාව බෑගයක් රැගෙන එන්නීය. නැන්දනියගේ බීඑම්ඩබ්ලියු රථයට යන්නීය.  බෑගය ඇර  ඇතුළේ ඇති තවත් බෑගයක් ඉවතට ගන්නීය.  දෙවැනි බෑගය තුළ තිබූ දෙය  නැන්දනියගේ බීඑම්ඩබ්ලියු රථයේ ඩිකියට දමා  බෑග් දෙක වාහනයේ පසුපස අසුනට දමන්නීය.

අනතුරුව රථය පදවාගෙන  කාන්තාවන් දෙපළ කොම්පඤ්ඤවීදියේ කඩයකට, ටවුන්හෝල් සුපිරි වෙළෙඳ සලකට, 68 වියැති කාන්තාවගේ සිය දිවි නසා ගත් දියණියගේ බොරැල්ල කනත්තේ ඇති සොහොන ලඟට ගොස් නැවත ඔවුන් මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණෙන්නේය. කසකස්ථාන ජාතික කාන්තාව ටී -56 ගිනි අවිය අතේ තියාගෙන නිවාස සංකීර්ණයට ඇතුළු වන්නට එන්නේ ඉන් පසුය.

හෙළි දරවු වූ කතාව

සිද්ධියට අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන විට කසක්ථාන ජාතික කාන්තාව මේ ගිනි අවිය ගැන මෙලෝ හසරක් නොදන්නා බව පෙනෙන්නට තිබිණි.

68 හැවිරිදි කාන්තාවත් මේ බෑගයේ ගිනි අවියක් තිබූ බවක් දැනගෙන සිට නැති බවට කරුණු හෙළිවන්නට විය. ප්‍රශ්න කිරීමේ දි එම වියපත් කාන්තාව පවසා තිබුණේ තමන් සමග සමීප සම්බන්ධකමක් ඇති දුමින්ද දිසානායක මීට මාස කීපයකට පෙර තමන්ට කතා කර බඩුවක් එවන බවත් ප්‍රවේසම් කර තැබිය හැකිදැයි විමසූ බවත්ය.

කුමක්දැයි නොවිමසා ඇය හා කියා තිබේ. ටිකකින් දුමින්දගේ නිවසේ ඒ වනවිට සිටි කෝකියා අතේ මේ බෑගය එවා ඇති බව ඇය කීවාය. ඇය පැවසුවේ මේ බෑගය එදා සිට කාමරයක තිබූ බවත් එහි ඇත්තේ කුමක්දැයි සොයා නොබැලූ බවත්ය. පෙරේදා බෑගය ඇර ඇත්තේ සිය මුනුපුරාට විනෝද චාරිකාවක් යෑම සඳහා එම බෑගය ලබා දීමටය. බෑගය තුළ තවත් බෑගයක් ඇති බවත් එම බෑගයේ යමක් ඇති බවත් කාන්තාවන් දැනගෙන ඇති බව කියන්නේ ඒ අවස්ථාවේ දී ය.

බෑග් දෙකම රැගෙන එහි තිබූ ගිනි අවිය පිටතට අරන් විත් කසකස්ථාන ජාතික කාන්තාව එය සිය නැන්දනියේ නිවසේ යලි තැන්පත් කිරීමට යන්නේ ඒ හේතුවෙන් බව දැනට අනාවරණය වී තිබේ.

පොලිසිය කළේ කෝකියා සොයා යෑමය. ඔහු දුමින්ද ලඟින් ගොස් රුවන්වැල්ල පැත්තේ හෝටලයක රස්සාව කරමින් සිටියේය. කෝකියා සොයා යන පොලිසිය ඔහුගෙන් මේ සිද්ධිය ගැන ප්‍රකාශයක් ගන්නේය. කෝකියා කියන්නේ දුමින්ද දිසානායක තමන්ට බෑගයක් දී හැව්ලොක් පෙදෙසේ සුපිරි මහල් නිවාසයක ජීවත්වන මෙම කාන්තාව වෙත ලබා දෙන්නට යැයි භාර දුන් බවය. ඔහු දුමින්දගේ නිවසේ සිට මේ බෑගය ද රැගෙන පැමිණ ඇත්තේ පා ගමනිනි. බෑගයේ ඇත්තේ මොනවාදැයි තමන් නොදැන සිටි බවත් තමන්ට කී ලෙසම කාන්තාවට එම බෑගය ලබා දුන් බවත් කෝකියා පවසන්නේය.

මේ වනවිට හෙළිදරව් වී ඇති කරුණු අනුව මේ ගෑනු දෙන්නා පව් කියා හිතෙන්නේය. මෙය ඇත්ත ගිනි අවියක් යැයි දන්නවා නම් උන් එය එළිපිට අරගෙන යන්නේ නැති බව පෙනෙන්නේය. කෝකියා මෙලෝ හසරක් නොදැන මේ ගිනි අවිය හැව්ලොක් නිවාස සංකීර්ණයේ කාන්තාව වෙත ලබා දුන් බවත් එය එවැනිම අනවබෝධයකින් ඇය සන්තකයේ තබාගෙන ඇති බවත් දැනට හෙළිවී ඇති කරුණුවලින් කියැවෙන්නේය.

එහෙත් මේ විමර්ශනයේ බොහෝ දේවල් තව අනාවරණය කරගැනීමට නියමිතව තිබේ. ගිනි අවියක් රත්තරන් ප්ලේට් කර තියා ගත්තේ අහවල් දෙයකට ද?, එය දුමින්ද දිසානායකගේම ද,  එය ඔහුගේ නම්  කුමණ හේතුවක් නිසා තම සන්තකය තහවුරු කරගැනීමට ඔහුට නොහැකි වුනේ ද?, එසේත් නැතිනම් මේ දුමින්දව කොටු කරන්නට හදන වෙනත් ආකාරයේ ගේම් එකක් ද?… නැතිනම් දුමින්දට ගහන මඩක් ද?…

සියල්ල අනාගතයටය. දැනට නම් රත්තරන් ගිනි අවිය පත්තු වී ඇත්තේ දුමින්දගේ පැත්තටය.

මේ ලිපියත් බලන්න

ලොවෙත් අසා නැති ගෝල්ඩ් ප්ලේටඩ් T-56 කතාව….

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කල්කුඩා සිංහල පාසලේ දරුවෝ ජනපති තුමාගෙන් – අගමැති තුමියගෙන් අධ්‍යාපන අයිතිය ඉල්ලති!

Next Post

පොලිස් ඇමති තුමා… මේ වෙන්නේ අහවල් කුණුහරපයක් ද?.

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.