බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් ඇමති තුමා… මේ වෙන්නේ අහවල් කුණුහරපයක් ද?.

by editor
මැයි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජන අරගල සන්ධානයේ නායකයකු වන ඉන්ද්‍රානන්ද ද සිල්වා පෙරේදා දින (22) සිය මුහුණු පොතේ පොලීසියේ අනීතික ක්‍රියාවක් පිළිබඳව සටහනක් ලියා තිබේ.

ඒ මෙසේය

ජන අරගල සන්ධානයෙන් ජයන්ති පුර කොට්ඨාසය⁣ට තරග කළ උපාලි සහෝදරයාගේ නිවසට පිට පිය තුන් වතාවටත් සිවිල් ඇඳුමෙන් පැමිණි පොලිස් නිළධාරීන් එම නිවසේ සහ ඉඩමේ කසිප්පු සඟවා තිබේ යැයි පවසමින් සෝදිසි කරල තියෙනවා.

පසුගිය අප්‍රේල් මස 07 වන දිනත් මෙලෙසම (මැතිවරණය පැවැති මෙහොතේ )මෙම නිවසට පැමිණි මින්නේරිය පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරීන් පිරිසක් මෙලෙසින්ම මෙම නිවස හා ඉඩම සෝදිසි කිරීමට එරෙහිව මම උතුරු මැද පලාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පොළොන්නරුව මැතිවරණ අපේක්ෂක හමුවේදී පැමිණිල්ලක් කරනු ලැබුවා.

එමෙන්ම මින්නේරිය පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුගේ පොලීසියෙන් මේ වැරැද්ද සිදුව ඇති බව නිහතමානීව
පිළිගනු ලැබුවා. නැවත මෙවැන්නක් නොවන බවට වග බලා ගන්නා බවද ඔහු පැවසුවා.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

නමුත් ඊයේ (21) පස්වරුවේ නැවතත් යතුරු පැදි දෙකකින් පැමිණි පොලිස් නිළධාරීන් මෙම නිවස හා ඉඩම සෝදිසි කිරීමට පටන් ගෙන තිබුණා. උපාලි සහෝදරයා යනු මේ මොහොත වන විටත් ජයන්තිපුර සමගි බෙඳුම් ඇල ගොවි සංවිධානයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරනවා.

ඔහු කිසිදාක මෙවැනි නීති විරෝධී මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ වූ අයෙක් නොවේ. අඩුම තරමේ මත්පැන් පානය කරන අයෙකුවත් නොවෙයි. නිවසේ අයවළුන් මොවුන් වීඩියෝ කිරීමට සුදානම් වූ මොහොතේ මොවුන් කලබල වී පලා යාමට උත්සාහ දරනවා.

මෙය ඉතා පැහැදිලි ලෙසම පොලීසිය යොදා කරන දේශපාලන පළිගැනීමක්. අද මම පොළොන්නරුව ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා හමුවී මේ පිළිබඳව පැමිණිල්ලක් කරනු ලැබුවා. ඔහු විසින් ඒ මොහොතේම යතුරුපැදි අංකය පිළිබඳව කළ සොයා බැලීමකදී මෙය ව්‍යාජ අංක තහඩු යෙදූ යතුරු පැදියක් බව හෙළිදරව් වුනා.

මේ සිදුවීම ඊයේ මට දැනගැනීම⁣ට ලැබුණු මොහොතේ මා පොලිස් ස්ථානවලින් මේ පිරිස ගැන සොයා බැලීමකදී පොළොන්නරුව පොලීසියත් මින්නේරියපොලීසියත් මා හට දැනුම් දුන්නේ තමන් ගේ පොලීසිවලින් කිසිදු පිරිසක් එවැනි වැටලීමකට ගොස් නැති බවය.

එවිට මතුවන බරපතළ ප්‍රශ්නය වන්නේ මොවුන් ආවේ කොහේ සිටද කුමන පොලීසි වලින්ද මෙවැනි නීති විරෝධී වැඩකට සහභාගි වූයේ කෙසේද යන්නය.

මේ පිළිබඳව දැනගත් මම අදාල පොලිසිවලින් මේ පිළිබඳව විමසා විනාඩි පහක් ගත වීමටත් පෙර මා ගමන් කළ යතුරු පැදිය මග හරස් කර නතර කර මා පරීක්ෂා කළ යුතු බව සිවිල් ඇඳුමෙන් සැරසී සිටි දෙදෙනෙකු මා හට දැනුම් දෙන ලදී. එයට හේතුව කුමක්දැයි විමසූ කළ ඔවුන්ගේ පිළිතුර වූයේ තමන්ගේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා විසින් මා සැක කටයුතු පුද්ගලයෙක් බවත් ඒ නිසා මා ගමන් කළ යතුරු පැදිය පසුපස ෆලෝ කරන ලෙස දැනුම් දුන් බවත්ය.

සැබැවින්ම ජාතික ආරක්ෂාව මේ මොහොතේ පවතින්නේ බරපතළ අනතුරකය. දිනපතා පාතාලය ක්‍රියාත්මක වී මිනිසුන් මහ මග මරා දමන තත්ත්වයක් නිර්මාණය වී තිබියදී බරපතල අපරාධ වලට සම්බන්ධ වූ කිහිප දෙනෙක්ම මේ මොහොත වන විටත් අත් අඩංගුවට ගත නොහැකිව සිටින තත්වයක් තුළදීත් පොලීසිය යොදවනුයේ අපගේ නිවාස ඉඩම් පරීක්ෂා කිරීමටද. අප ගමන් කරන යතුරු පැදි පිටුපස කණ්ඩායම් ලෙස ඔවුන් ගමන් කරවීමටද ? අප යන එන තැන් ඔත්තු බැලීමටද ?

මේ තත්ත්වය පිළිබඳව වත්මන් ආණ්ඩුවත් ආරක්ෂාව බාර ඇමතිවරුත් පොලීසිය බාර ඇමති සුනිල් වටගලලාත් ලැජ්ජා විය යුතුය.

(උපුටනය අවසන්)

ඉන්ද්‍රානන්ද සිල්වා යනු රෝහණ විජේවීර සහෝදරයා අත් අඩංගුවට පත් වූ සිට ඝාතනය කළ අවස්ථාව දක්වා ඡායාරූප ගත් ⁣යුද හමුදා පොලීසීයේ ඡායාරූප ශිල්පියාය. පසුව ඉන්ද්‍රනාන්ද සිල්වා අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරිණි. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කාරිකයෙක් බවට චෝදනා කරමිනි.

පසුගිය දිනවල විශ්‍රාමික මේජර් ජනරාල් තෝරදෙණිය විසින් ඉන්ද්‍රානන්ද සිල්වාට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගන්නා ලද්දේ විජේවීර ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීම⁣ අත් හිටුවමිනි.

පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් වූ ඉන්ද්‍රානන්ද සිල්වා සැක කටයුතු පුද්ගලයෙකු ලෙස හඳුන්වමින් ඔහු ⁣යන එන ගමන් පිළිබඳව විමර්ශනය කිරීම⁣ට සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිළධාරීන් යෙදවීම අනුමත කළ නොහැකි ක්‍රියාවකි. මෙය ආණ්ඩුව අපහසු තාවට පත් කිරීම සඳහා යම් පොලිස් නිළධාරීන් කණ්ඩායමක් සැළසුම් සහගතව සිදු කරන අනීතික රාජකාරියක්ද යන්න පවා සැක සහිතය.

පසුගිය ආණ්ඩුකාලයේ හිටපු පොලිස් පතිවරයා වැලිගම W 15 හෝටලය සම්බන්ධයෙන් සිඳු කළ අයුතු රාජකාරිමය මැදිහත්වීමක් සම්බන්ධයෙන් විත්තිකරුවකු වී උසාවි බඩ ගාද්දී පොළොන්නරුව පොලිස් ඡ්‍යෙෂ්ඨයන් මෙලෙස පොලිස් බලය අනිසි ලෙස යොදවා පුරවැසියන් බිය වැද්දීම හා අපහසුතාවට පත් කිරීම පිළිකුළෙන් හෙළා දැකිය යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රත්තරන් ගිනි අවිය පත්තු වුන පැත්ත… අපි ඉන්නේ මොකෙක්වත් විශ්වාස කරන්න බැරි රටක ද?…

Next Post

ලුණු අවුල ලිහෙයි… ඉන්දියාවෙන් ආපු ලුණුවල කතාව…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.