කීර්ති ප්‍රනාන්දු –
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුළ වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය හේතුවෙන් අද 19 දින නැගෙනහිර, ඌව, දකුණ ,සබරගමුව, මධ්‍යම ,උතුරු මැද හා දකුණු පළාත්වලට විටින් විට වැසි ඇති වන බවත් සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .
තවද නැගෙනහිර ,ඌව පළාත් වල සහ පොලොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්ක වලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව ද අනෙකුත් ප්‍රදේශයන්හි මිලිමීටර් 75 කට වැඩි වැසි ඇති වීමට ඉඩ ඇති බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .
මේ වන විට ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ තුළ වර්ධනය වී ඇති අඩු වායු පීඩන තත්ත්වය බෙන්ගාල බොක්ක නිරිතදිග ප්‍රදේශයට ගමන් කිරීමට නියමිත බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි