ශ්‍රියානි විජේසිංහ –
නව වෛරස් හදුනා ගැනීම සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය තුළ සිදුකළ පර්යේෂණයන් සියල්ල කිසිදු හේතුවක් නොමැතිව නතර කර දැමීමට වත්මන් අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතැම් වෛරස් පරික්ෂණයන් වසර ගණනාවක් පුරා සිදුකර මේ වන විට අවසන් අදියරේ පවතින ඒවා බවත් එම පරික්ෂණ පවා නතර කිරිමට තීරණය කිරීම ඉතාමත් අපරාධයක් බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
කෘමී සතුන්ගෙන් බෝවන විවිධ අලුත් වෛරස් ගණනාවක්ම මේ වන විට හඳුනාගෙන ඇති බවත් එම වෛරස් අනාගතයේදී මිනිස් ජිවිතයට දැඩි බලපෑම් එල්ල කළ හැකි ඒවාද විය හැකි බවත් තහවුරු කරන එම ආරංචි මාර්ග එවැනි පරික්ෂණ අවසන් වන තෙක් සිදු කිරිමට හැකි වුවේ නම් අදාල වෛරසයන් විනාශ කිරීමට කළ හැක්කේ කුමක්ද යන්න පිලිබඳව කල්වේලා ඇතිව දැන ගැනීමට ඉඩ තිබුණු බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.
වෛද්‍ය පර්යේෂණායතනයේ වත්මන් අධ්‍යක්ෂවරයා හැර අනෙකුත් අධ්‍යක්ෂක තනතුරු දැරූ සියළුම දෙනා නව පර්යේෂණයන් ආරම්භ කිරීමටත් ඒවා ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය සියලුම සහයෝග, පහසුකම් සහ මුදල් ප්‍රතිපාදනය් ලබාදීමට කටයුතු කර ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වාදෙයි.







