රේගුවෙන් නිෂ්කාශනය නොකළ වාහන 400ක් පමණ නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නීතිමය කටයුතු ආරම්භ කර තිබේ.
අල්ලස් කොමිසමට අනුව ශ්‍රී ලංකා රේගු ක්‍රියාපටිපාටිය මගහැර වංචනික ක්‍රම මගින් රජයට මූල්‍ය අලාභ සිදු කරමින් වාහන 400කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කිරීමේ තොරතුරු ඔවුන් සතුව ඇත.
කොමිසමේ විමර්ශන නිලධාරීන් මේ වනවිට වාහන 156 ක් පිළිබඳ නිශ්චිත තොරතුරු හඳුනාගෙන ඇති අතර ඒවායින් බොහොමයක් සුඛෝපභෝගී ගණයට අයත් වේ.
ඒ අනුව අල්ලස් කොමිසම විසින් වත්මන් හිමිකරුවන්ගෙන් වාහන 7ක් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත ශ්‍රී ලංකා රේගුව වෙත භාර දී ඇත.







