බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඒක නියම දිනුමක්… පන්දු ඕවර 4ක් තුළ තරගයක් කණපිට හැරවූ පන්දුකරණයේ වික්‍රමය දුටුවෙමු…

by editor
පෙබරවාරි 11, 2024 - Updated on පෙබරවාරි 12, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ශ්‍රි ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගෙනය.  පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් වෙමිනි. ඇෆ්ගනිස්ථානු කණ්ඩායම ලකුණු 153කට සීමා වී ඇත.  ඇෆ්ගන් කඩුළු සියල්ල බිඳ වැටී ඇත. ඒ පන්දු ඕවර 33.5ක් තුළ දී ය. එය ලකුණු 155ක දැවැන්ත ජයග්‍රහණයකි.

තරගයේ විරයා චරිත් අසලංක…. නොදැවී ලකුණු 97ක්…

ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන්නේය. ලකුණු 308ක් කඩුළු 06ක් පමණක් දැවී ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන දෙවැනි එක් දින තරගයේ ශ්‍රී ලංකා ඉනිම අවසානය. පල්ලේකැලේ  ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීම තෝරාගෙන තිබිණි.

ඇත්තටම අද වාසානාව තිබුණේ ශ්‍රි ලංකාව පැත්තේය. තරගය ආරම්භ වන්නේ ඉතාම දැඩි තරගකාරීත්වයක් සහිතවය.  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිශ්ශංක ලකුණු 12කටත් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 05කටත් දැවී ගියේය.   ඔහු ලකුණු 05 ලබා ගැනීමට පන්දු 23ක් වැය කළේය.

ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකා මුල් පෙළට දැමූ පිඩනය ලිහිල් කර තරගය මුදා හැරෙන පළමු අවස්ථාව වූයේ   ඉනිමේ 10  වැනි පන්දු ඕවරයේ අවසන් පන්දුවේ දී කුසල් මෙන්ඩිස් විසින් ලබා දුන් ඉතාම පහසු උඩපන්දුව අත්හැරීමෙනි.  ෆසාල්හක් ෆාරුකීගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස්  මිඩ් විකට් කලාපයට ලබා දුන් ඉතා පහසු උඩ පන්දුව ගුල්බඩින් නබී අතහැරියේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

එම උඩපන්දුව ගිලිහෙන අවස්ථාව වනවිට ශ්‍රි ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යා ලකුණු 41කි. ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගොස්ය.  ඒ වනවිට   ඉතා අසීරුවෙන් පීඩනයකට ලක්ව  පන්දුවට පහර දෙමින් සිටි කුසල් මෙන්ඩිස්   පන්දු 17ක් තුළ   ලබාගෙන සිටියේ ලකුණු 12ක් පමණි. ඔහු ලකුනු 12 දී ලබා දුන් එම උඩපන්දුව  රැකගත්තා නම් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවන පීඩනය සහ බිඳ වැටීම දැවැන්ත එකක් බව පෙනුනි.  අත්හරින උඩපන්දු තරග අත් හරින බව ජාත්‍යාන්තර විචාරකයෝ  කීහ.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරගයේ දී උඩපන්දු 03ක් අත හැරියේය. එකක් කුසල් මෙන්ඩිස්ගේය. අනෙක චරිත් අසලංකගේ ය. තුන්වන උඩපන්දුව වනිඳු හසරංග ලබාදුන්නේය.

අවාසනාව වන්නේ ඒ උඩ පන්දු තුනම අතහැරියේ ෆසාල්හක් ෆාරුකීගේ පන්දුවලට වීමය.  කුසල් මෙන්ඩිස්ගේ උඩ පන්දුව අත්හැරිය ගුල්බඩීන් නබි හසරංගවත් අත හැරියේය. එවර ඔහු පන්දු රකිමින් සිටියේ මිඩ් ඕෆ් කලාපයේය. ඒ 45වන ඕවරයේ දෙවැනි පන්දුවේ ය. එම ඕවරයේම අවසන් පන්දුවේ දී  ඩීප් ස්ක්වෙයාලෙග් හි හතරේ සීමාව අසල පන්දු රැකි ඕමාර්සායි අතින් අසලංකව ගිලිහී ගියේය.

මේ තරගය වාසනාව අතින් ශ්‍රී ලංකාව පැත්තේ බව පෙනී ගියේ මේ උඩපන්දු අත්හැරීමත් සමගය.

ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරණය

පසුගිය තරගයේ විශිෂ්ට ද්විත්ව ශතකයක් ලබා ගත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 18කට දවා ගැනීමට වේග පන්දු යවන අස්මතුල්ලා ඕමාර්සායි සමත් වූයේය.  තුන්ව ඕවරයේ අවසන් පන්දුවට ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනිමට අස්මතුල්ලා සමත් වූයේය.

ඒ වනවිට හතරේ පහර තුනක් සමග ලකුනු 18ක් පන්දු 17ක්  තුළදී ලබා ගැනීමට පැතුම් නිශ්ශංක සමත් වී තිබිණි.  ඊට හතරේ පහර තුනක් ඇතුළත් විය. දැවී යෑම සම්බන්ධව නැවත විමසීමක් ඉල්ලා සිටියත්  ඒ වනවිට පැතුම් නිශ්ශංකට එම ඉල්ලීම කළ හැකිව තිබුණු තත්ත්පර 15 කාලය පසු වී තිබිණි.

මේ වනවිට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් අනෙක් අන්තයේ තරගය ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු වෙත දැඩි පීඩනයක් එල්ල කරමින් සිටියහ. ඇත්තටම ඔහු ක්‍රිඩා  කළේ ඉතා අසරණ විලාශයෙනි. පන්දු 23ක දී ලකුණු 05ක් පමණක් ලබා සිටිය දී අවිශ්ක ප්‍රනාන්දු  ෆසාල්හක් ෆාරුකී ගේ පන්දුවක් ඉදිරියේ පොයින්ට්හි පන්දු රැකි ගුල්බඩීන් නබි අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.

අනතුරුව පිටියට පැමිණියේ කුසල් මෙන්ඩිස්ය.  10 වැනි පන්දු ඕවරයේ අවසන් පන්දුවට ඉතා දුර්වල පහරක් එල්ල කර ලබා දුන් උඩපන්දුව අත හැරීමෙන් දෙවැනි ජීවිතයක් ලද කුසල් මෙන්ඩිස් ලකුණු 61ක් ලබා ගත්තේය. ඔහු හා එක්ව සධීර සමරවික්‍රම  තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 සම්බන්ධතාවයක් ගොඩනැගුවේය.  සධීර සමරවික්‍රම තුන්වන කඩුල්ල ලෙස ලකුණු 52කට දැවී යන්නේ ය. ඔහු පන්දු 61කට මුහුණ දෙමින් ගොඩනැගූ ඉනිමේ දී එල්ල කරන්නේ හතරේ පහර 03ක් පමණි. ක්වයිස් අහමඩ්ගේ පන්දුවකට මිඩ් විකට් කලාපයට උඩපන්දුවක් දී සධීර දැවී යන්නේ ලකුණු 52ක් ලබාගෙනය. 3වන කඩුල්ල ලකුණු 139 දී දැවී ගියේය.

ජීවිත දෙකක් ලද කුසල් මෙන්ඩිස්…

චරිත් අසලංක සමග එක්වන කුසල් මෙන්ඩිස් සධීර නික්ම ගිය පසු වැඩි වෙලාවක් පිටියේ රැඳී සිටියේ නැත. ඔහු ලද දෙවැනි ජීවිතය මීට වඩා ඵලදායී කරගැනීමට තිබුණු බව ක්‍රිකට් විචාරකයෝ විශ්වාස කළහ. හතරේ පහර 06ක් සහ එක් 06 පහරක් සමග ලකුණු 61ක් ලබා ගන්නා කුසල් මෙන්ඩිස්     අස්මතුල්ලා ඕමාර්සායි ගේ කෙටි පන්දුවකට පුල් පහරක් එල්ල කිරීමට ගොස් දැවී ගියේය.  ඒ  ඩීප් බැක්වර්ඩ් ස්ක්වෙයාලෙග් හි පන්දු රැකි රහමනුල්ලා ගුර්බාස් අතටම උඩපන්දුවක් ලබා  දීමෙනි.   28 වැනි ඕවරයේ 3 වැනි පන්දුවේ දි ඔහු දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 147කි.

ඉන් අනතුරුව පිටියට එක්වන ජනිත් ලියනගේ චරිත් අසලංක සමග එක් වී විශිෂ්ට ඉනිමක් ගොඩනැගූහ. පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ලකුණු 111ක  එම සම්බන්ධතාවය නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 308ක ඉලක්කය සිහිනයකි. එසේ සිතෙන්නේම මේ වනවිට වනිඳු හසරංගගේ පෙර තිබුණු පිතිකරණ පරිචය ඔහුගෙන් ගිලිහී ගොස් ඇති ඛේදනීය ආකාරය දකින විටය. මෑත කාලය පුරාම ඔහු පිතිකරුවෙක් ලෙස සාර්ථක වූයේ නැත.

ජනිත් ලියනගේ අර්ධ ශතකයක්…

ජනිත් ලියනගේ පන්දු 48ක් තුළ මනරම් අර්ධ ශතකයක් රැස් කළේය. ඊට හතරේ පහර දෙකක් මෙන්ම හයේ පහර දෙක්ක ඇතුළත් විය. චරිත් අසලංක මෙන්ම ජනිත් ලියනගේ කඩුළු අතර දිවයමින් ලකුණු රැස්කළ ආකාරය පෙන්වා දුන්නේ  ක්‍රීඩකයන්ගෙන් මෑත කාලයේ දී ගිලිහී ගිය ජවය පවත්වා ගත යුතු ආකාරය ය.

ශ්‍රි ලංකා ඉනිමේ  ඉහළම ක්‍රීඩා විලාශය පෙන්නුම් කළේ චරිත් අසලංකය. චරිත් නොදැවි ලකුණු 97ක් රැස් කළේය. ඒ පන්දු 74ක දී ය. හතරේ පහර 09ක් සහ හයේ පහර 02ක්   ඊට ඇතුළත් විය. අවසන් ඕවරයේ 05වන පන්දුවේ දී ලකුණකට පැති මාරු කර නොගෙන තමන් ගැන කල්පනා කර අවසන් පන්දුවට මුහුණ දුන්නා නම් බොහෝ විට ඔහුට ශතකය ලබා ගැනීමට ඉඩ තිබිණි.  එහෙත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අසලංක ශතකය අත්හැරියේය.

එහෙත් ඉතිරි වූ පන්දුවෙන් චරිත්ට හෝ කණ්ඩායමට සාධාරණයක් කිරීමට අනෙක් අන්තයේ දැවී යෑමේ අවස්ථා දෙමින් ක්‍රීඩා කරමින් සිටි වනිඳු හසරංගට හැකි වූයේ නැත. ලකුණු 13ක් ලබාගෙන සිටි වනිඳු හසරංග අවසාන පන්දුවේ දී දැවී ගියේය.

සධීර ලකුණු 50යි..

ඇෆ්ගන් පන්දු යැවීම –

තරගයේ අවාසනාවන්ත පන්දු යවන්නා ෆසාල්හක් ෆාරුකීගේ උඩ පන්දු තුනක් ගිලිහී ගිය පසුත් කඩුල්ලක් ලබා ගත්තේය. ඔහු පන්දු ඕවර 10 තුළ එක් නිලකුණු පන්දු ඕවරයක් ද යැව්වේය. ලකුණු 55ක් ලබා දුන්නේය.

අස්මතුල්ලා ඕමාර්සායි ලකුණු 56ට කඩළු 03ක් ලබා ගත්තේය. නූර් අහමඩ් සහ ක්වයිස් අහමඩ් කඩුල්ල බැගින් ලැබූහ.

ලකුණු 309ක ජයග්‍රාහී ඉලක්කයක් සොයා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දැන් ඉනිම අරඹා ඇත.

ඇෆ්ගනිස්ථානු පිතිකරණය

ඇෆ්ගනිස්ථානු පිතිකරණයේ  විශ්වාසනීය කැපී පෙනීමක් සහිත රිද්මයක් පෙන්නුම් කළේ ඊබ්‍රහීම් සද්‍රාන් සහ රහමට් ෂා පමණි. දෙවැන් කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ගොඩනැගූ විශිෂ්ඨ ලකුණු 97ක සබඳතාවය පමණක් ඇෆ්ගනිස්ථාන කණඩායමට ඉතිරි වී තිබිණි.

ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් දැවී යන්නේ මුළු ලකුණු සංඛ්‍යාව 31 ව තිබිය දී ලකුණු 08කට ය. ඉනිමේ 6 වැනි පන්දු ඕවරයේ ප්‍රථම පන්දුවෙන් අසිත ප්‍රනාන්දු පිට ඉන්නෙන් පිටතට යොමු කළ පන්දුවකට පහරක් එල්ල කිරීමට ගිය රහ්මනුල්ලා ගුර්බාස් කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට කඩුළු රැකීම හමුවේ දැවී ගියේය. එය කදිම උඩපන්දු රැකීමකි.  ඉන් අනතුරුව ඇෆ්ගනිස්ථානයේ බාලාපොරොත්තු සහගත ඉනිම ගොඩනැගුනේය ඒ ඊබ්‍රහීම් සද්‍රාන් සහ රහ්මට් ෂා අතරය.  සද්‍රාන් පන්දු 76ක දි ලකුණු 54ක් ලැබුවේය. ඔහු අසිත ප්‍රනාන්දුගේ දැඩි ආක්‍රමණයකට ලක් වන්නේය.  අසිත ප්‍රනාන්දු ඔහු වෙත යළි යළිත් යොමුකළ කෙටි පන්දු හමුවේ ඔහු යම් චකිතයකට පත් වන්නේ එක් පන්දුවක් ඔහුගේ හිස් ආවරණයේ වැදීමෙන් අනතුරුවය.

ශ්‍රී ලංකා පන්දු යැවීම

එහෙත් සද්‍රාන් ඉතා හොඳින් සහ වගකීම් සහිතව සිය ඉනිම ගොඩනැගුවේය. ලකුණු 54ක් ලබා සිටිය දී ඔහු ගොදුරුවන්නේ ඔහුට දිගින් දිගටම පීඩනයක් එල්ල කළ අසිත ප්‍රනාන්දුට ය.  අසිත යළිත් වරක් වම් ඉන්න සහ මැද ඉන්න අතර පතිත කරමින් සද්‍රාන් වෙතට එවූ බවුන්සර් පන්දුවට ඔහු පුල් පහරක් එල්ල කිරීම උත්සාහ කළේය. එම පහර සඳහා පන්දුව ශරීරයට ලඟ වූයේය. අත් ආවරණයේ දැවටුන පන්දුව කුසල් මෙන්ඩිස්ගේ වම් පසින් ඇදී යද්දී ඔහු එය උඩපන්දුවක් කරගත්තේය. සද්‍රාන් දැවී යන්නේ 26 වැනි පන්දු ඕවරයේ 2වැනි පන්දුවේ දී ය.

තරගයේ ඉරණම වෙනස් කළ අසිත ප්‍රනාන්දු

අසිත ප්‍රනාන්දු ඒ සබඳතාවය බිඳ දමන්නේ සමස්ත තරගයේ ඉරණම විසඳමිනි.  29 වැනි ඕවරයේ 1 පන්දුවේ දී  රහ්මට් ෂා වනිඳුට ගොදුරු වූයේය.  ඒ කඩුල්ල මුවා කිරිමේ වරදට හසුකරගනිමිනි. ඒ වනවිට ඇෆ්ගනිස්ථාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 143කි.

තුන්වන කඩුල්ල දැවී යන්නේ ලකුණු 143 දීය. ඒ වනවිට පන්දු ඕවර 29.1 කි.  ඉතිරි කඩුළු 07ම දැවී යන්නේ ලකුණු 10ක් තුළය. යවන්නේ පන්දු ඕවර 4යි පන්දු 04කි.

පසුගිය තරගයේ මංගල ශතකය වාර්තා කළ අස්මතුල්ලා ඕමාර්සායි ලකුණු 03කි. ලකුණු එකසිය හැටත් ඉක්මවා ගිය ඇෆ්ගනිස්ථානයේ පළපුරුදු විශිෂටයා වූ මොහොමඩ් නබී ලකුණු 1 කි. සද්‍රාන් සහ ෂා හැරුණුවිට එකම පිතිකරුවෙක්වත් ලකුණු 10ක් ඉක්මවූයේ නැත. ලකුණු නොලැබීම් 03කි.

ආරම්භක කඩුළු 02 දවා ගමින්  අසිත ප්‍රනාන්දු තරගය ශ්‍රි ලංකාව දෙසට හරවා දුන් පසු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පෙළහරක් කළහ. ඒ පෙළහර ලියා තැබිය යුතුමය. පන්දු ඕවර 6.5ක් යැවූ වනිඳු හසරංග කඩුළු 04ක් දවා ගත්තේය.  ඒ සමගම දිල්ශාන් මධුශංක ක්‍රියාත්මක විය. ඔහු පන්දු ඕවර 7ක් යවා ලකුණු 28කට කඩුල්ලක් ලැබුවේය. ප්‍රමෝද් මධුශාන් කඩුළු දඩයමට එක්වෙමින් ලකුණු 37ට කඩුල්ලක් ලැබුවේය.

ඇෆ්ගන් ඉනිම කුඩු කළ වනිඳු…

තරගයක් එක් පන්දු ඕවරයකින් වෙනස්වන ආකාරය අපි බලා සිටියෙමු.  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් වළලී තිබූ ආශ්වාදනීය ජවය මතුවනු දැකීම සතුටකි.  එහෙත් එය අඛණ්ඩව පවත්වා ගැනීමේ වෘත්තීය පරිනතිය ගොඩනන්වා ගැනීමේ වගකීම ශ්‍රී ලංකා කණ්ඩායමට තිබේ.

අප හැමදාම කියන දෙයක් ඇත. තරග ජය ගැනීම හොඳය. සදාකාලිව තරග ජයගන්නට නොහැකිය.  එසේ නම් ලබන පරාජය පිළිගත හැකි එකක් විය යුතුය. ගෞරවණීය එක්ක විය යුතුය. සටන්කාමී පරාජයක් විය යුතුය.  ක්‍රිකට් ලෝලීන් ඉල්ලන්නේ ජයග්‍රහණයම නොවේ.

මෙන්න මේ යථාර්ථය ය.  දැනට එය ලැබී තිබේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රජයේ බදු මුදල් කෝටි ගණන් වංචාකර වාහන 400ක් හොර පාරේ යවලා… අල්ලස් කොමිසම විමර්ශන අරඹයි…

Next Post

ඇමති මනූෂ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ලංකාවේ උතුම් නිදහස් දිනය සමරයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.