ලලිත් චාමින්ද-
පොතුවිල් කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ රේඩාර් කුළුණු ඉදිකිරිමේ ව්‍යාපෘතිය සදහා ජපන් ජාත්‍යන්තර් සහයෝගිතා ආයතනය විසින් ජපන් යෙන් මිලියන 2,503ක ප්‍රදානයක් ලබාදිම සඳහා ශ්‍රිලංකා රජය සමග ගිවිසුම්ගතවි වසර 05ක් ගතවි ඇතත් තවමත් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
පොතුවිල් කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පිහිටුවිම සඳහා ජපන් ජාත්‍යන්තර් සහයෝගිතා ආයතනය විසින් ජපන් යෙන් මිලියන 2,503ක ප්‍රදානයක් ලබාදිමට 2017 ජුනි මස 30 වැනිදින ශ්‍රිලංකා රජය සමග ගිවිසුමක් අත්සන් කරතිබුණි.
මෙම ව්‍යාපෘතිය සදහා රජය මගින් රුපියල් මිලියන 486.6ක් දැරිය යුතුවිය. කෙසේවුවද 2017 වර්ෂයේ සිට මේ දක්වා වසර 05ක් ගතවි තිබුනද මෙතෙක් එහි ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරිමට නොහැකිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම පොතුවිල් රේඩාර් කුළුණු ඉදිකරණු ලබන කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පිහිටි භුමියද කාලගුණවිද්‍යා දේපාර්තමේන්තුවට මෙතෙක් පවරාගෙන නොතිබුණි.
මෙම ව්‍යාපෘතියේ යම් ප්‍රමාදයක් පැවතියද 2019 වර්ෂයේ සිට ඉදිකිරිම් සදහා අනුමැතිය ලබාගැනිම ආරම්භකොට ඇති බවත් කොවිඩි වසංගතය නිසා 2020 වර්ෂයේ දි එම කටයුතු ඇණහිටි ඇති බව කාළගුණ විද්‍යා දේපාර්තමේන්තුව මගින් විගණනයට සඳහන් කොට ඇත.
නැවත 2021 වර්ෂයේ දි වැඩකටයුතු ආරම්භ කළද ව්‍යාපෘතිය සඳහා 2017 වර්ෂයේ ඇස්තමේන්තු කළ මුදල ප්‍රමාණවත් නොවිම නිසා ටෙන්ඩර් පටිපාටිය අතරමග නතරකිරීමට සිදුවු බව විගණනයට සඳහන් කොට ඇත.







