අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යූරියා මිටියේ සිටින පණුවන් ගැන කී ගොවියාට ඇමති ලේකම්ගෙන් තර්ජනයක්!

by editor
ජනවාරි 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • ලෝකයේ  කොහෙවත් යූරියාවල පණුවො නෑ… රජය අපහසුතාවයට පත් කළ නිසා පොලිසියට පැමිණිලි කරලා නඩු දානවා – ඇමතිගේ ලේකම් වන්නිනායක

  • යූරියා මිටියක පණුවො හිටිය වග පිළිගන්නවා… ඒ සාම්පල් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ ඉදිරි පරීක්ෂණ සඳහා යොමු කළා – මනම්පිටිය ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරී

රජයේ පොහොර සහනාධාරය යටතේ මෙවර මහ කන්නය, සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා ලබාදුන් යූරියා පොහොරවල පණුවන් සිටින බවට මනම්පිටිය කෘෂිකර්ම නිලධාරී සහ මහවැලි නිලධාරින් පිළිගත්තද කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු මේ සිදුවීම ප්‍රතික්ෂේ කරමින් සිද්ධිය සම්බන්ධව මාධ්‍යයට ප්‍රකාශයක් කළ ගොවීයාට දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කර ඇතැයි වාර්තා වේ.

මෙම තර්ජන සහ බියවැද්දීම් සම්බන්ධව මේ වනවිට ප්‍රදේශයේ ගොවි ජනතාව සිය දැඩි අප්‍රසාදය පල කර ඇත.
දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශයේ 46 වි‍යති එන්. ජී සරත් කුමාර නැමැති ගොවියෙක් විසින් තම කුඹුරට යෙදීම සඳහා රැගෙනගිය යූරියා පොහොර මිටිය තුළ හමු වූ කළු පැහැති කුඩා පණුවන් පිළිබඳව ලංකාසර ඊයේ (26) අනාවරණය කළේය.

ඒ අනුව අද (27 ) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අරලගංවිල පර්යේෂණ මධ්‍යස්ථානයේ නිලධාරීන් කීප දෙනෙක්, මනම්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථාන‍යේ සහ මහවැලි අධිකාරිය නිලධාරීන් පිරිසක් සමග පැමිණ ඒ පොහොර පරීක්ෂා කර ඇත.

එහි දී යූරියා පොහොර තුළ පණුවන් සිටින බවට නිරීක්ෂණය විය.

එම අවස්ථාවට මනම්පිටිය ගම්මානයේ ගොවි සංවිධාන සභාපතිවරයා ඇතුළු ගොවීන් පිරිසක්ද එක්ව සිටියේය. ඔවුන්ටද යූරියා පොහොර තුළ පණුවන් සිටින බවට නිරීක්ෂණ වී ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අනතුරුව පණුවන් සහිත යූරියා සාම්පල් රැගෙන යාමට කෘෂිකර්ම නිලධාරීහු කටයුතු කළහ.

යූරියාවල සිටින පණුවන් පරීක්ෂා කරන ප්‍රාදේශීය කෘෂිකර්ම නිලධාරීන්…

ඊයේ සරත් කුමාර විසින් පණුවන් පස්දෙනකු, යූරියා පොහොර සමඟ කුඩා භාජනයකට දමා තිබිණි. අද ( 27 ) වන විටද එහි එක් පණුවෙකු ජීවත්ව සිටි බව පැමිණි පර්යේෂණ නිලධාරීන් සහ ගොවීන්ට දැකගැනීමට හැකි විය,

එලෙස පැමිණි පර්යේෂණ නිලධාරීන් ඇස් ඉදිරිපිට යූරියා පොහොර මිටිය ඇතුළේ පණුවන් සිටින බවට තහවුරු කර ගත්ත ද කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු බව පවසා වන්නිනායක නැමැති නිලධාරියෙක් මෙම ගොවි මහතාට දුරකථන ඇමතුමක් ලබා දී රජය අපහසුතාවයට පත් කිරීමට කටයුතු නොකරන ලෙසත්, අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තු සහ පොහොර ලේකම් කාර්යාලයට ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසට උපදෙස් ලබාදුන්  දන්වා ඇත. ලෝකයේ කොහෙවත් යූරියා පොහොර තුළ පණුවෙක් හමුවී නොමැති  බැවින් එය ඔප්පු කිරීමට නොහැකි වුූවොත් තමාට හිරේ යාමට සූදානම් වන ලෙස ද දන්වා තිබේ.

අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය තුළ කටයුතු කරන වන්නිනායක නැමැති මෙම නිලධාරියාට අප දුරකථන ඇමතුමක් ලබා දුන් විට ඔහු පැවසුවේ යූරියා පොහොර මිටිය තුළ කිසිදු පණුවෙක් සිට හමු වී නොමැති බවය.,  ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂවරයා හරහා පොලිසියට පැමිණිල්ලක් යොමු කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසුවේය.

අප මේ පිළිබඳව මනම්පිටිය ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරී සුබෝධ බණ්ඩාරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ යූරියා පොහොර මිටිය තුළින් පණුවන් හමු වු බව පිළිගැනීමට සිදුවන බවය.

ඒ පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු කිරීමට, ලබාගත් සාම්පල් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට යොමු කරන බව ද ඔහු පැවසුවේය.

මේ ලිපියත් කියවන්න…

වෙන්න බෑ කිව්වට වෙලා… ආණ්ඩුවේ යූරියා පොහොරවලිනුත් පනුවන් මතු වේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක් නැතිව පානදුර මූලික රෝහලේ සැත්කම් හා දැඩි සත්කාර සේවා නවතී…

Next Post

නේපාලයේ රේල් තරගයේ ඉන්දියාව ඉදිරියෙන්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.