ලලිත් චාමින්ද –
යුරියා කිලෝ 05කින් සමන්විත ඇසුරුම්කරණු ලැබු පොහොර බැගයක් රුපියල් 2000ක පමණ මුදලකට අලෙවිවන බව ගාල්ල ප්‍රදේශයේ ගොවිහු පවසති.
එක්තරා පුද්ගලික සමගමක් විසින් යුරියා කිලෝ 05කින් සමන්විත බැග් පැකට්කොට කෘෂි ද්‍රව්‍ය අලෙවිකරණ වෙළඳසැල් වෙත සිමිත ප්‍රමාණයක් යොමුකොට ඇති බවද ගොවිහු පෙන්වදෙති.
මේ අනුව යුරියා කිලෝවක මිල රුපියල් 400ක් පමණවන බව පවසන ගොවිහු කිලෝ 05කින් යුත් පැකට් 10ක් මිලදි ගැනිම සදහා රුපියල් 20000ක පමණ මුදලක් අවශ්‍ය වන බව පවසති.
මෙකි පොහොර පැකට් ක්ෂණිකව ගොවින් අතර අලෙවි වි ඇති අතර පොහොර මිලදි ගැනිම සඳහා ගොවින් අතර දැඩි තරගයක්ද නිර්මානය වි තිබුණි.
කාබනික පොහොර සමග කවලම්කොට කුඹුරට යෙදිම සදහා වැඩිමුදලක් හෝ ලබාදි යුරියා පොහොර මිලදිගත් බව ගොවිහු පවසති. මේ නිසා තමන් දැඩි අසරණ තත්වයට පත්ව ඇති බවද ගොවිහු පෙන්වාදෙති.







