සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආහාර හිඟයක් නෑ… විශ්විද්‍යාල ආචාර්යවරු බොරු කාරයො! – කෘෂිකර්ම ඇමති

by editor
ජනවාරි 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ආහාර හිඟයෙ කතාව මැව්වෙ රසායනික පොහොර සමාගමකින් පඩි ගන්න පේරාදෙණිය විශ්විද්‍යාලයේ මහාචාර්ය වරයා….

මේ රටේ ආහාර හිඟයක් ඇතිවන බවට වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරු කටයුතු කරමින් සිටින  බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ජනතාව මේ වන විට බුක්ති විඳිමින් සිටින්නේ පසුගිය යල කන්නයේ වී අස්වනු බවත් මහ කන්නයේ අස්වැන්න ඉදිරියේදී නෙළීමට ඇති බැවින් ආහාර හිඟයකට කිසිදු ඉඩක් නොමැති බවත් ඔහු කියයි.

මහනුවර මහවැලි රීච් හෝටලයේදී , ඊයේ (29) පැවැති උත්සවයකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රසායනික පොහොර සමාගමක අධ්‍යක්ෂ ධූරයක් හොබවන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු රටේ ආහාර හිඟයක් ඇතිවන බවට ප්‍රකාශ කළ බවත් එවැනි ආහාර හිඟයක් ඇති නොවන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහිදී මහින්දානන්ද අලුත්ගමගේ   මෙසේද පැවසුවේය.

“ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මාස 20 ක්ම රට පාලනය කරන්නේ වුණේ  කොවිඩ් වංසගතයත් එක්කයි. සමාජ මාධ්‍ය බොහොමයක් බැලුවම හරියට කොවිඩ් හැදිලා තියෙන්නේ ලංකාවේ විතරයි වගේ පේන්නේ. මේ අය ළිඳේ ඉන්න මැඩියෝ වගෙයි. ලෝකයේ අනිත් රටවල කොවිඩ් හැදුණු ලෙඩ්ඩු නෑ වගේ තමයි මොවුන් හැසිරෙන්නේ. “

“ලෝක ආර්ථික අර්බුදයකට අපි මුහුණ දීලා ඉන්නේ. ජනපතිවරයාගේ මූලික අරමුණු වුණේ සියල්ල පැත්තකට දමා ජනතාව ජීවත් කරවීමයි. අපේ රටේ ජනගහණය මිලියන 22 යි. සෞඛ්‍ය අංශ දැනුම්වත් කරලා තියෙන්නේ අවුරුදු 16 ට වැඩි අය එන්නත් කරන්න කියලයි. එම වයසේ පසුවන මිලියන 16 ක් ඉන්නවා. මේ අයට 100% ක් පළමු එන්නත් ලබාදී අවසන්. දෙවන එන්නත 85% ක් දීලා ඉවරයි. තුන්වන එන්නත ලක්ෂ 55 කට දුන්නා .තව ටික කාලයක් යනවිට එන්නත් තුනම ජනගහණයෙන් 85% කට ලබාදුන් ලෝකයේ එකම රට බවට ශ්‍රී ලංකාව පත්වෙනවා.“

දැන් මරණ සංඛ්‍යාව අඩුයි. නොමැරී ජීවත් වීම තමයි වැදගත්ම දේ. මහින්ද රාජපක්ෂ මහතා වසර 30 ක යුද්ධය අවසන් කරලා මේ රටේ ත්‍රස්තවාදී බිය, බෝම්බ බිය නැතිකළා. ඒ වගේම  ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා කොරෝනා මර බියෙන් ජනතාව මුදා ගත්තා. ආණ්ඩුවක් හැටියට අපිට යම් අභියෝග වලට මුහුණ දෙන්න සිදුවුණා. මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි. බඩු මිල වැඩියි. කොවිඩ් වලට කලින් පරිප්පු කන්ටේනර් එක්ක ලංකාවට ගෙන්වන්න ගියේ ඩොලර් 600 යි. කොවිඩ් එකට පස්සේ 2400 ක් යනවා. සියයට හාරසීයකින් නැව් ගාස්තු බඩු මිල ඉහළ ගිහින්. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ ගහින්. පසුගිය ආණ්ඩුව කාලේ  තෙල් බැරල් එකක් ඩොලර් 19 යි. අද ඩොලර් 100 යි. මේ සියල්ලත් එක්ක ලෝක ආර්ථික අර්බුදයක් ඇති වෙලා.

එන්නත්කරණය නිසා සියල්ල අපට යම් ප්‍රමාණයකට පාලනය කරගන්න හැකිවී තිබෙනවා. තව මාස කිහිපයකදී බඩු මිල අඩු කරලා ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරන්න පුළුවන්.

මේ රටේ ආහාර හිඟයක් ඇති වෙනවා කියලා විශ්ව විද්‍යාල ආචාර්යවරු කිව්වා. ගොවියෝ කිව්වා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉන්නවා රසායනික පොහොර සමාගමක අධ්‍යක්ෂවරයෙක්. ඒ මහචාර්යවරයා ඇවිත් කිව්වා රටේ ආහාර හිඟයක් ඇති වෙනවා කියලා.

කිසිම අහාර හිඟයක් එන්නේ නැහැ. තාම මේ රටේ මිනිස්සු කන්නේ ගිය කන්නේ අස්වැනෙන් ලබාගත් වී ටිකයි. මහකන්නයේ අස්වැන්න නෙළන්න තිබෙනවා. නිෂ්පාදනයේ අඩුපාඩු තිබුණත් ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ. මේවා සමාජ මාධ්‍ය මගින් හදන මතයි. සංචාරක ව්‍යාපාරය යම් ප්‍රවර්ධනයක් ඇති වෙලා. ආර්ථිකය හෙමින් හෙමින් දැන් යහපත් අතට පත් වෙමින් තිබෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යූරියා කිලෝ පහේ පැකට් එයි.. පැකට් එක දෙදාහයි! කිලෝ 50ක් විසි දාහයි…

Next Post

ඉන්දියාවට ත්‍රිකුණාමලේ ඕන වෙලා තිබූ දේ ගම්මන්පිල හෙළි කරයි !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.