මනම්පිටිය නිමල් ජයරත්න –
මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන කටයුතු වල නිරත වෙමින් සිටි මහවැලි කම්කරුවන් පිරිසකට මාදුරුඔය ජලාශයට නුදුරුන් අද (30) මෝටාර් බෝම්බයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් හමුවී තිබේ.
වාරිමාර්ග හා මහවැලි අමාත්‍ය චමල් රාජපක්ෂ පෙබරවාරි 6 වෙනිදා මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන සැලැස්ම පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීමට නියමිතව තිබූ භූමි ප්‍රදේශයේ තිබී මේවා හමුවූ බවද මහවැලි නිලධාරීහු සඳහන් කළහ.
මාදුරුඔය ජලාශයට නුදුරින් එන් .ඩී කේ. ජලාශයට ගමන් ගන්නා මාර්ගයක් අසල තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය හමුවී තිබේ.
මෝටර් බෝම්බයක් සහ තව් බෝම්බයක් ලෙස සැලකෙන මෙම පුපුරණ ද්‍රව්‍ය හමුවීමත් සමග මෙහි සංවර්ධන කටයුතු තාවකාලිකව නතර කර බව එම වාර්තා වේ.
මේ පිළිබඳව අරලගංවිල පොලිසිය දැනුවත් කර තිබේ.
අප මේ පිළිබඳව අරලගංවිල පොලිස් ස්ථාන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත ප්‍රේමලාලගෙන් දුර දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඒ පිළිබඳව එම කම්කරුවන් පිරිස පොලිසිය දැනුවත් කෙරූ බවත්, ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු කිරීමට ප්‍රදේශය භාර මහඔය පොලිසිය දැනුවත් කළ බවත්ය.







