දිනසේන රතුගමගේ –
යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව තොරතුරු සොයා බැලීමේ සංවිධානයේ සභාපතිනී කාසිපිල්ලේ ජෙයවනිතා වවුනියාව පොලීසිය හා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් ඊයේ (9) අත් අඩංගුවට ගෙන තිබේ.
වවුනියාව නගරයට ආසන්න ස්ථානයක පසුගිය 2017 වසරේ සිට දින 2210 ක් තිස්සේ විරෝධතාවයක නිරත වන මේ පිරිස ලැගුම් ගෙන සිටින කූඩාරමට අනවසරයෙන් විදුලි බලය ලබා ගැනීමේ චෝදනාව යටතේ ඇයව අත් අඩංගුවට ගෙන තිබේ.
විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් පොලීසිය සමග මෙම ස්ථානයට පැමිණ අනවසරයෙන් විදුලිය ලබා ගැනීම සඳහා භාවිත කරණ ලද වයර් ස්විච් ඇතුලු දේද අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සභාපතිනිය වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය හා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ.