දිනසේන රතුගමගේ
යාපනයේ මනිපායී පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට පහර දි ඔවුන් සතුව තිබූ මුදල් යතුරු පැදියේ යතුර හා හිස්වැසුම් දෙකක් ඇතුළු භාණ්ඩ රැසක් කොල්ල කෑම සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙක් ඊයේ ( 30 ) මනිපායී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මනිපායී පොලීසියේ සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රාජකාරී කටයුත්තක් සඳහා රාත්රී කාලයේ යමින් සිටියදී යාපනයේ මනිපායී ආනේකෝට්ටේ ප්රදේශයේ පාරක් අසල මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් පිරිසක් දැක තිබේ.
පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරු පැදිය නවතා ඔවුන්ට අවවාද කළ අවස්ථාවේදී ඔවුන් පිරිස පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී ඔවුන් සතු දේවල් කොල්ල කා ඇත.
පසුව පොලිස් නිලධාරීන් දෙදෙනා මේ පිළිබඳව මනිපායී පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිස් කණ්ඩායමක් අදාල ප්රදේශයට පැමිණ ප්රහාරයට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනා බේරා ගෙන තිබේ.
ප්රහාරයට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනයේ සංගානෙයි රෝහල වෙත ඇතුළත් කොට තිබේ.
පසුව එම ප්රදේශයේ සිදු කළ මෙහෙයුමකින් පසුව සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර මෙම පහර දීමේ හා කොල්ල කෑමේ සිද්ධියට පුද්ගලයින් 9 දෙනෙකු සම්බන්ධ බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
අත් අඩංගුවට ගත් සැකකරුවන් මනිපායී පොලීසියේ රදව ගෙන ප්රශ්න කරගෙන යන අතර ඔවුන්ව යාපනය මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මනිපායී පොලිසිය පියවර ගෙන තිබේ.