ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලය සඳහා ( 2021/2023) අද ( 20) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති ක්රිකට් නිලවරණයේ දී ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා නිතරඟයෙන් පත්විය.
විරුද්ධ පාර්ශවයෙන් තරග කිරීමට සිටි ඒ මතිවානන් ( සභාපති තනතුර), නිශාන්ත රණතුංග ( ලේකම්), බන්දුල වර්ණපුර ( උපසභාපති) ඇතුළු කණ්ඩායම මීට දින දෙකකට පෙර නිලවරණයෙන් ඉවත් වීම නිසා ශම්මි සිල්වා පාර්ශවයට මෙම නිතරග ජය ලැබිණි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු ප්රධාන නිලධාරීන් හත්දෙනාම පත්වූයේ නිතරඟයෙනි. ෂම්මි ද සිල්වා ශ්රී ලංකා ක්රිකට් සභාපති බවට තේරී පත් වූයේ දෙවන වරටය.
රවීන් වික්රමරත්න සහ ජයන්ත ධර්මදාස උප සභාපති ධුර දෙකටත්, මොහාන් ද සිල්වා ප්රධාන ලේකම් ධූරයටත්, ක්රිෂාන්ත කපුවත්ත උප ලේකම් ධුරයටත් ලසන්ත වික්රමසිංහ භාණ්ඩාගාරිකවරයා ලෙස සහ සුජීව ගොඩලියද්ද උපභාණ්ඩාගාරික වරයා ලෙසත් නිතරඟයෙන් පත්වූහ.
ක්රීඩා අධ්යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරියගේ අධීක්ෂණයෙන් ක්රිකට් නිලවරණය පැවැත්විණි.