දිනසේන රතුගමගේ –
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා කොරෝනා අවදානම නිසා මාස තුනක කාලයකට පාර්ලිමේන්තුවෙන් නිවාඩු ලබා දෙන ලෙස කළ ඉල්ලීමට 19 දා කථානායකවරයාගෙන් අනුමැතිය ලැබුණු බව දෙමළ ජාතික සන්ධානය නිවේදනය කොට තිබේ.
දැඩි අසනීප තත්ත්වයෙන් සිටින තමන්ට කොරෝනා අවදානමක් ඇති වුවහොත් ජීවිත අවදානමකට මුහුණ පෑමට සිදුවන නිසා නිවාඩු ඉල්ලූ බව සදහන් කරණ දෙමළ ජාතික සන්ධානය ඒ අනුව ජූනි මාසයේ සිට ඉදිරියට මාස තුනකට නිවාඩු හිමි වූ බවද සදහන් කොට තිබේ.
මේ අතර ප්‍රතිකාර සදහා ඉන්දියාවට ගොස් සිටින පලනි දිගම්බරම් මන්ත්‍රීවරයාටද මාස තුනක කාලයකට නිවාඩු ලැබි තිබේ.