ඉන්දියාව තුල දැඩි අර්බුදකාරී ප්රදේශයක් වූ කාෂ්මීරය මේවන විට සීඝ්ර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇති බවට නවතම දත්ත වාර්තා වලින් අනාවරණය වේ.
කාෂ්මීරයට මෙලෙස සීඝ්ර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකියාව හිමිව ඇත්තේ 2019 වර්ෂයේ අගෝස්තු මාසයේදී ඉන්දීය රජය විසින් 370 පනත සංශෝධනය කිරීමට පියවර ගැනීමත් සමඟයි.
ඒ අනුව 2019 වර්ෂයේදී මෙම පනන සංශෝධනය කිරීමට පියවර ගැනීමත් සමඟම කාෂ්මීරය තුල විශාල වශයෙන් අයෝජනයන් සිදු කිරීමට ව්යපාරිකයින් සහ ප්රධාන පෙළේ සමාගම් ඉදිරිපතව් ඇත.
මේවන විට ඉන්දීය රුපියල් කෝටි පනස් දෙදහසකට අධික යෝජනයන් කාෂ්මිරයට තුල සිදුකිරීමට ව්යාපාරික් ප්රජාවන් සිය කැමැත්ත පළ කර ඇති බවටද නවතම වාර්තාවන්ගෙන් අනාවරණය වේ
මෙම නව අයෝජනයන් කාෂ්මීරයට ගලා ඒම ආර්ම්භ වී ඇත්තේ ඉන්දීය අග්රමාත්ය නරෙන්ද්ර මෝදි විසින් මෙතෙක් ක්රියාතමක් වූ 370 පනත සංශෝධනය කිරීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි. එම පනතට අනුව කාෂ්මීරයෙන් පිටත පාර්ශවයන් හට එම කළාපය තුල වු නිෂ්චල දේපල අත්පත් කර ගැනීමට තහංචි පැවතිනි.
එම නීතියට හේතුව පැවතියේ වසර ගණනාවක් කාෂ්මිරය තුල ත්රස්ත කණ්ඩයාම් ක්රියාත්මක වීමයි. මෙම ත්රස්ත කණ්ඩායම් ඇතැම් විට පාකිස්ථානයේ සිට මෙහෙයවීම සිදුවූ බවටද ඇතැම් අවස්ථාන් හිදී වාර්තාව වී තිබිණි.
මෙම තත්ත්වය හේතුවෙන් මීට පෙර එම කාලපයට තුල නීෂ්චල දේපල වෙනත් පාර්ශවයන් හට අත්පත් කර ගැනීම වලක්වාලමින් අදාල පනත ක්රියාත්මකව පැවතිනි.
කෙසේවෙතත් අග්රමාත්ය මෝදිගේ නව අදහස මත මේවන විට වසර ගණනවක් ආපස්සට යමින් සිටි කාෂ්මීර මේවන විට සාර්ථික ආර්ථික වර්ධණයක් අත්පත් කරගනමින් සිටින බවට පෙනීයයි.







