සූරියවැව නුවන් ජයසේකර –
මේ දුෂ්කර අවස්ථාවේ දී ඉතාම චාම් සහ සරල අන්දමින් පිනකම් කිරීමට හුරුවෙමුයි තමන් වහන්සේ යෝජනා කරන බවත් එළඹෙන කඨින පින්කම් වකවානුවේ එම පින්කම ඉතාම සරලව සංවිධානය කරන ලෙස මහා සංඝරත්නය ඇතුළු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවත් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
දානය වුවද එක් ව්‍යාංජනයක් හෝ උපරිම දෙකක් සමග පිළිගන්වන ලෙසත් මේ අවස්ථාව නිසි ආකාරයෙන් කළමනාකරණය කරගැනීම බෞද්ධ සමාජයේ වගකීම බවත් උන්වහන්සේ පැවසුවේ ඊයේ (04) සවස සූරියවැව බෝධිරාජ විහාස්ථානයේ පැවති උත්සව අවස්ථාවකට සම්බන්ධ වෙමිනි.
එහිදි උන්වහන්සේ වැඩි දුරටත් මෙසේද කරුණු පැහැදිළි කෙරුණි.
අද රටේ පැන නැගී ඇති ආහාර අර්බුධය ඇතුළු උද්ධමනය පිළිබඳව ලෝක සංවිධාන විසින්ම තේරුම් අරගෙන ඒ පිළිබඳව පැහැදිළි කරලා තියෙනවා.ලෝක ආහාර සංවිධානය බොහොම පැහැදිළිවම කියනවා රටේ ලක්ෂ 60ක් ජනතාවට කෑම තුන්වේල පිරිමහගන්න බෑ කියලා. ඒ වාර්තාව මිට මාසයකට විතර කලින් තමයි ඉදිරිපත් කෙරුණේ.නමුත් අද තත්වය යටතේ බැළුවොත් ලක්ෂ 60ක් නෙමේ ලක්ෂ 120කවත් ජනතාවක් තුන් වේල කෑම සපයා ගන්න නොහැකි තත්වයට පත්වෙලා තියෙනවා.
ආහාර මිල අහස උසට යනකොට සාමාන්‍ය ජිවන තත්වය පවත්වාගෙන යන්න බැරිවෙනකොට ජනතාවට එන මූලිකම කාණය ප්‍රථිපලය වෙන්නේ මන්ද පෝෂණය. අද වෙනකොට ඒ තත්වය උදා වෙලා තියෙනවා. නමුත් රටේ ජනතාවට කන්න නෑ කියන එක හෝ ජනතාව මන්දපෝෂණයට ගොදුරු වෙමින් තියෙනවා කියන එක රටේ දේශපාඥයින් තවමත් පිළිගන්න කැමති නෑ. ඒකයි අවාසනාවට කරුණු වෙලා තියෙන්නේ.
මේ රටේ දේශපාඥයින්ගේ ඇඟවල් දිහා බැලුවම නම් මන්ද පෝෂණයක් ජනතාවටත් ඇති බව පේන්නේ නෑ. දේශපාඥයින්ගේ මොළ වලටයි මන්ද පෝෂණය හැදිලා තියෙන්නේ. දේශපාඥයින් දිහා වගේම ඒ අයගේ දරුවන් දිහා ඒ අයගේ ඥාති හිතමිත්‍රාදීන් දිහා බැළුවම නම් මේ රටේ මන්ද පෝෂණයක් පේන්න නැතිව ඇති. මන්ද පෝෂණය තියෙන්නේ දේශපාඥයාගේ ඇගේ නෙමෙයි. ඔවුන්ගේ මොලයේයි. ඒ නිසයි අසරණ මිනිස්සු මෙච්චර පීඩාවට පත් වෙලා තියෙද්දිත් ඒවා හංගන්න හදන්නේ. තොරතුරු වසන් කරන්න හදන්නේ.
මේ වෙලාවේ රටේ ජනතාව මුහුණ දෙන බරපතළ තත්වය පිළිබඳව තවමත් දේශපාලකයන්ට අවබෝධ වෙලා නෑ කියන එක බොහොම හොදින් පැහැදිළි වෙනවා ඒ ඒ අය කියන කරන දේවල් වලින්ම.
මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයටම අද ජනතාව පත්වෙලා තියෙනවා. වහාම පාලකයන් මැදිහත්ව ඇත්ත තත්වය රටට කතියන්න ඕනි වගේම මේ සදහා කඩිනම් විසදුම් දීමට පියවර ගත යුතු යැයි උන්වහන්සේ පැවසූහ.







