අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව වසන්ත මුදලිගේලා ඝාතන කරන සැලසුමක ද? – සජිත් පාර්ලිමේන්තුවේ දී අසයි…

රෑට රෑට  එළියට අරන් මල්වානෙ කඩවත ගම්පහ  අරන් යනවා... පැනලා යන්න හැදුවා කියලා වෙඩි තබා ඝාතනය කරන්න පුලුවන්..

by editor
ඔක්තෝබර් 5, 2022
in පුවත්
wasantha
Share on FacebookShare on Twitter

වසන්ත මුදලිගේ ඇතුළු කණ්ඩායම රෑ පුරා මල්වාන කඩවත ගම්පහ කඩුවෙල රැගෙන යමින් මේ සිදුකරන බිහිසුණු විගඩම කුමක් දැයි තමන් ප්‍රශ්න කරන බවත්,  මේ පසුපස මෙම තරුණයින් ඝාතනය කිරීමේ අවදානමක ලකුණු පෙන්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසුවේය.

sajith

“වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි, හෂාන් ගුණතිලක.. මේ තුන් දෙනාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග, දින අනුවේ රැඳවුම් නියෝග යටතේ ඒ අයව තංගල්ලේ සිර ගත කරලා තියෙනවා. දැනට දින 48 ක ට වැඩි ප්‍රමාණයක්. “

“ගරු අග්‍රාමාත්‍ය තුමනි මොකක්ද මේ අය කරපු වරද? “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“දැන් අපිට අහන්නට ලැබෙනවා රෑට රෑට වසන්ත මුදලිගේ ව මල්වාන, කඩවත, ගම්පහ, නවගමුව යන ප්‍රදේශ වලට ගෙනිහිල්ලා….  මං නම් දන්නෑ මොනවද කරන්නේ කියලා රෑට රෑට. ඇයි මේක දවල්ට කරන්න බැරි?.  මේක විහිලුවකට ගන්න එපා. අවසානයේ මොනවහරි සිද්දියක් වෙලා හෝ සිද්ධියක් ඇති කරලා හෝ වසන්ත මුදලිගේ ව ඝාතනය කරලා කියයි මෙන්න පැනලා යන්න හැදුවා. ඒක හින්ද වෙඩි තිබ්බ කියලා.“

“  මං අහන්න කැමතියි. ගරු අග්‍රාමාත්‍යතුමනි, මේකට අවධානය යොමු කරනවා නම් හොඳයි.   මේ අයව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ගෑස්පහ හන්දියේ දි. ඒ  රාජ්‍ය විරෝධී වැරදි සඳහා. මොකක්ද රාජ්‍ය විරෝධී කියන්නේ?.  මේ රටේ මනුස්සයෙකුට මහ පාරට බැහැලා රජයේ යම් කිසි වරදක්, අඩුපාඩුවක්, ඌණතාවයක්, ගැටලුවක් සිදුවෙනවා නම් ඒවා ගැන පෙළපාලි යන්න, මහ පාරට බහින්න, කතා කරන්න, රැස්වීම් තියන්න   නිදහසක් නැද්ද  ?.

මානව අයිතියක් නැද්ද? මම කියන්න කැමැතියි බොහොම පැහැදිලිව අපි කිසිසේත්ම ප්‍රචණ්ඩත්වය අනුමත කරන්නේ නැහැ.   සියයට ලක්ෂ වාරයක් අපි එතන ඉන්නවා.

නමුත් ගරු අග්‍රාමාත්‍යතුමනි, සාමකාමීව දේශපාලනික උද්ඝෝෂණයක් කරන්නට මේ රටේ ඉඩක් නැද්ද?. මේ තරුණයින්ට සිරිධම්ම හාමුදුරුවන්ට තවමත් චෝදනා පත්‍රයක් නැහැ. දින අනූවක් රැඳවුම් නියෝග. මේක බොහොම බිහිසුනු තත්වයක්.

දැන් ගරු අග්‍රාමාත්‍යතුමනි, ජිනීවාවල මානව හිමිකම් පිළිබඳව සාකච්ඡාව වන මොහොතක මේ වගේ කටයුතු කිරීම සුදුසුද?. මේ අපි ඇත්තටම මේ උණ්ඩ නේද දෙන්නෙ?. අපි ආයුධයක් දෙනවා නේද අපේ රටට විරුද්ධව තවතවත් යෝජනා සම්මත කරලා අපේ රට  විපතට පත් කරන්න. ඇයි මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරන්න ඔබතුමාට මැදිහත් වෙන්න බැරි?.

දැන් ඔබතුමාලා ප්‍රතිඥාවක් දීලා තියෙනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරගන්නවා කියලා. ඒක ඉවත් කරගන්නවා වෙනුවට ඒක පාවිච්චි කරලා මෙහෙම වසන්ත මුදලිගේ ඇතුළු කණ්ඩායම එහෙම සිරගත කරන එක හරිද? .

දැන් ඇත්ත වශයෙන්ම මෙතන නිර්මාණය වෙන්නේ වෙන ත්‍රස්තවාදයක් නෙමෙයි. රාජ්‍ය ත්‍රස්තවාදය.  රාජ්‍ය මිලේච්ඡත්වය. දැන් තමුන්නාන්සේලා බලහත්කාරකම් කරනවා මේ රටේ ජනතාවට විරුද්ධව.

ගරු අග්‍රමාත්‍යතුමනි, මේ රටේ මිනිස්සුන්ට අයිතියක් නැද්ද? බඩගින්නෙන්, දුක් ගින්නෙන්, අසහනයෙන්, පීඩනයෙන් ඉන්න කොට මහ පාරට බැහැලා ඒ දුක් ගින්න වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන්න…   පෙළපාළි අයිතියක් නැද්ද? රැස්වීමක් පවත්වන්න අයිතියක් නැද්ද?

මම බොහොම කාරුණිකව ගරු අගමැතිතුමාට කියන්න කැමතියි. මේ ගහගන්න හදන්නේ own gall එකක්.    අපි සූදානම් නැහැ මේ අපේ රටට විරුද්ධව මානව හිමිකම් කොමිසමේ යෝජනා සම්මත වෙනවට. අපි ඒවට කැමති නැහැ. අපි විපක්ෂයේ හිටියත්. අපි මේ රටේ පුරවැසියන් හැටියට අපි කැමති නෑ. නමුත් ඔබතුමන්ලා කරන්නේ අපේ රටට විරුද්ධව මානව හිමිකම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට දිරි ගැන්වීම. ඒකට උත්තේජකයක් ලබාදීම.

ඒ නිසා ගරුඅග්‍රාමාත්‍ය තුමනි, ගරු ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා කරුණාකරලා මේ වසන්ත මුදලිගේ ඇතුළු ඒ වගේම ගල්වැව සිරිධම්ම  ස්වාමීන් වහන්ස, ඒ වගේම හශාන්ත ගුණතිලක ඒ අයව නිදහස් කරන්න. නිදහස් කරලා සාමාන්‍ය විදිහට පරීක්ෂණය කරන්න.

මම මොනව අවස්ථාවකවත් ත්‍රස්තවාදය, ගෙවල් ගිනිබත් කිරීම, දේපල හානි කිරීමට අපි එකඟ නැහැ. නවක වදයටත් අපි විරුද්ධයි. නවක වදයට විරුද්ධ ව ගන්න පියවර. අපි ඒකට විරුද්ධයි.

මම කියන්නේ ත්‍රස්තවාදී පනත අනිසි ලෙස පාවිච්චි කරලා නිකරුණේ ඉන්න මිනිසුන්ව ගන්න එපා හිරබාරයට. ඒකයි මම කියන්නේ. අපි ත්‍රස්තවාදයට විරුද්ධයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව අරාබිකරයේ යෝගා ප්‍රචලිත කරයි

Next Post

යලි පිඹිදෙන කාෂ්මීරය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.