2023.06.25 වන දින දෙහිවල පොලිස් වසමේ සිදුකරන ලද යතුරු පැදි සොරකමක් සම්බන්ධව විමර්ශන සිදුකර 2023.08.02 වන දින දෙහිවල පොලිස් වසමේ සිරිසඝබෝ පාර ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත සොරකම් කරන ලද යතුරු පැදියක් ගල්කිස්ස පොලිස් වසමේ තිබියදී හා මොහු විසින් විවිධ ප්‍රදේශවලදී සොරකම් කරන ලද පාපැදි 11 ක් පොලිසිය විසින් සොයා ගෙන ඇත. තවද මෙම සැකකරුට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු 04 ක්ද නිකුත් කර තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.







