පුද්ගලික විශේෂඥ ප්‍රතිකාර සඳහා යතුරු පැදියකින් රැගෙන පැමිණි දරුවෙක් අසාධ්‍ය තත්ත්වයේ සිටින බව දුටු මහනුවර ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් සිය පුද්ගලික ප්‍රතිකාර සේවය අතරමග නවතා දමා තම වාහනයෙන් දරුවා පේරාදෙණිය සිරමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමට කටයුතු කළ පුවත් පේරාදෙණියෙන් වාර්තා වේ.
ඊයේ (02) සිදුවූ මෙම සිද්ධියේ දි රෝහලට රැගෙන පැමිණි දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා පුරා පැයක් වෛද්‍යවරයා විසින්ම උත්සාහ කළ ද දරුවා ජීවිතයෙන් සමු ගත්තේය.
එහෙත් වෛද්‍යවරයා විසින් සිය උපරිම කැප කිරීමකින් සිදුකළ උත්සාහය සම්බන්ධව ප්‍රසාදය පල වෙමින් තිබේ.
ජීවිතයෙන් සමුගෙන ගොස් තිබුණේ අවුරුද්දයි මාස 9 ක් වූ මෙනුල් ආදිශ මහකුමාරගේ නැමැති දරුවෙකි. රෝගී දරුවා යතුරුපැදියකින් රැගෙන විත් තිබුණේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය පැතුම් දිසානායකගේ පුද්ගලික සායනය වෙතය.
සිය වාහනයෙන්ම පේරාදෙණිය ළමා රෝහල වෙත රැගෙන ගොස් උත්සාහ කළ ද ජීවිතයෙන් සමුගත් බිළිඳා ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුව උදරයේ ඇති වූ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් දරුවාගේ මරණය සිදු වී ඇති බවට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා තීන්දු කළේය.
පේරාදෙණිය අධිකරණ විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූයේය







